දීර්ඝ කාලයක් තිස්සේ පවැත්වෙන නඩු විභාගය අද හෝ සමථයකට පත්වනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටිය ද නඩුව 2017 දෙසැම්බර් 11 වන දින දක්වා කල්...
දීර්ඝ කාලයක් තිස්සේ පවැත්වෙන නඩු විභාගය අද හෝ සමථයකට පත්වනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටිය ද නඩුව 2017 දෙසැම්බර් 11 වන දින දක්වා කල් දැමීමට මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය. මෙම නඩු විභාගය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකව සිටියදී ඔහුගේ එජාප නායකත්වයට එරෙහිව පක්ෂය තුළින් නැඟුණු කැරැල්ලක් වශයෙන් 2013 වසරේදී උක්ත කී විරෝධතා පාගමන මාතර දී සංවිධානය කෙරුණු අතර ඊට විරුද්ධව රනිල් හිතවාදීන් ප්‍රති උද්ඝෝෂණයක් සංවිධානය කිරිම හේතුවෙන් ප්‍රකට 'කුරුඳු පොලු ගැටුම' ඇතිවිය.
මාතර කැළුම් බෝධිමාන/ රුවන් නෙලූ
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=rXCqZu1mB7o[/youtube]
...
COMMENTS