පළාත් පාලන මැතිවරණයට මුලතිව් දිස්ත්‍රික්ක්කයේ පුදුකුඩීරිප්පු ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරණ අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යා...
පළාත් පාලන මැතිවරණයට මුලතිව් දිස්ත්‍රික්ක්කයේ පුදුකුඩීරිප්පු ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරණ අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයේ පිහිටි පොස්ටර් හා බැනර් වලට කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇති බවට එම අපේක්ෂකයා ඊයේ (19) පොලීසියට පැමිණිලි කොට තිබේ.
ඔහු පවසා ඇත්තේ තමන්ට විරුද්ධ දේශපාලන කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් විසින් මෙම ගිණි තැබීම සිදු කොට ඇතත් තමන්ට නිශ්චිත වශයෙන්ම ඔවුන් කවුරුන්ද යන්න සැක කල නොහැකි බවයි.
තමන්ට මෙම ගිණි තැබීම නිසා රුපියල් 50 000 ක පමණ අලාභයක් සිදුව ඇති බවද ඔහු පොලීසියට පවසා තිබේ. උතුරු පළාතෙන් මේ වනවිට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව පෙරේදා (18) වනවිට 36ක් බවට වාර්තා වී තිබුණි.
පුදුකුඩීරිප්පු අපේක්ෂකයාගේ පක්ෂ කාර්යාලයේ තිබූ බැනර් වලට ගිණි තැබීමේ සිද්ධිය පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යලයටද පැමිණිලි කොට ඇත.
(දිනසේන රතුගමගේ)
COMMENTS