අ භිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සිය ධුරයේ...
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඊයේ රුවන්වැලි මහසෑරඳුන් අභිමුව ඇති දුටුගැමුණු රජුන්ගේ පිළිරුව අභියසදී දිවුරුම් දුන්නා.
එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේදී මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට ද නියමිතයි.
මේ අතර, නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස මෙන්ම එහි ආර්ථික විද්‍යාඥයෙකු ලෙස ද සේවය කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධිධාරියෙක්.
මීට පෙර ඔහු මුදල් අමාත්‍යාංශයේ මෙන්ම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.
එමෙන්ම නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි. ඔහු මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ අවසන් සටනේ පුරෝගාමී සෙන්පතියෙක්.
53 වන බල සේනාවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කළා.

COMMENTS