දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලබන වසරේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් 
Homeප්‍රවෘත්ති

ලබන වසරේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් 

PropellerAds

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් උලෙළ හා ඊට සමගාමීව පැවැත්වෙන ලෝක බෞද්ධ...

කළුතර ’’වඳුරෙක්’’ රටේම ලයිට් කපයි
මාලිමාණ්ඩුවත් පරණ පාරේම ඉදිරියට… පරාජිතයන්ට තනතුරු බෙදයි… කියුබානු තානාපතිකමත් පරාජිත මාලිවකට…!
සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා… (Video)
ලබන වසරේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් 

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් උලෙළ හා ඊට සමගාමීව පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව ලබන වසරේ මැයි මස 11, 12, 13 යන දිනයන්හී මෙරටදී පැවැත්වීමට නියමිතය.

එහි සමාරම්භක දිනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා විශේෂ ආරාධිත ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, මෙහි දෙවැනි දිනය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන, බෞද්ධ ව්‍යාපාරික හා බෞද්ධ සන්නිවේදන වැඩමුළු පැවැත්වීම සඳහාත් එදින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේදී සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමටත් තීරණයකර තිබේ.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළේ පළමු දින රාත්‍රී 7.00ට ජාත්‍යන්තර වෙසක් කලාපය කොළඹ දියවන්නාව ආශ්‍රිත ප්‍රදේශයේ පැවැත්වීමට කමිටුව තීරණයකර ඇති අතර, එහි සමාප්ති උලෙළ දළදා මාලිගාවේ මහ මළුව අබියස පැවැත්වීමට තීරණයකර තිබේ.

අතිපූජ්‍ය අස්ගිරිය, මල්වතු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර වෙසක් දින උලෙළට සහභාගී වන 2000කට ආසන්න ලෝක බෞද්ධ නියෝජිතයන්ට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාවත් උදාකරමින් විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් ජාත්‍යන්තර කමිටුවේ අවධානය යොමු වී තිබේ. 

මහනුවර පැවැත්වෙන සමාප්ති දිනයේදී සමුළුවේ සමාප්ති ප්‍රකාශනය (Kandy Declaration) එළිදැක්වීමට නියමිත අතර, බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළින් සමාජ සාධාරණත්වය හා තිරසාර ලෝක සාමයක් යන්න අරමුණු කරගෙන මහ මළුව අබියස විශේෂ පහන් පූජාවක්ද පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව අවධාරණය කරයි.

රටවල් 90කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් ලෝක බෞද්ධ නායකයන්, බෞද්ධ සංවිධානවල නියෝජිතයන්, මහානායක හිමිවරුන්, බෞද්ධ කටයුතු පිළිබඳ රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු 2000කට ආසන්න පිරිසක් මෙවර සමුළුව නියෝජනය කරන අතර, එයින් 400කට ආසන්න පිරිසක් විශේෂ ආරාධිතයන් වනු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි.

1999 වසරේදී වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරන ලද යෝජනාවකට අනුව වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර තිබෙන අතර, සෑම වෙසක් පොහොය දිනයකදීම ජාත්‍යන්තරව වෙසක් දින සැමරුම් උලෙළක්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29344,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන වසරේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් 
ලබන වසරේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් 
http://ift.tt/2eWYvPc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_638.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_638.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy