රෝ යල්පාක් ඝාතන නඩුවේ වැරැදිකරු වූ ෙදාන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී ජයමහට ලබාදුන් ජනාධිපති සමාව කිසිසේත්ම අසාධාරණ නොවන බවත්, එමඟින් ව්‍යවස්ථා ප්...
රෝයල්පාක් ඝාතන නඩුවේ වැරැදිකරු වූ ෙදාන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී ජයමහට ලබාදුන් ජනාධිපති සමාව කිසිසේත්ම අසාධාරණ නොවන බවත්, එමඟින් ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් උල්ලංඝනය වී නොමැති බවත් විශ්‍රාමික ශේර්ෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය අවධාරණය කරයි.
ජයමහ වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරන ලද්දේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ වන අතර ඒ සම්බන්ධයෙන් ජේයෂ්ඨ විනිසුරුවරයකුගෙන් ලත් නිර්දේශය නීතිපතිවරයා වෙත යොමුකර එමඟින් අධිකරණ ඇමැතිවරියගේ නිර්දේශය ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවද මාරසිංහ මහත්මිය ප්‍රකාශ කරයි.
ව්‍යවස්ථාවේ 34 (1) ආ (ඩී) යටතේ මරණීය දණ්ඩනය නියම කර, එය ජීවිතාන්ත සිරදඬුවමක් බවට පත්වූ අයකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවැරී ඇති බවද ඇය පෙන්වා දෙයි.
මරණ දඬුවම නියම කර ඇති අනෙකුත් සිරකරුවන්ට වඩා ජයමහ සම්බන්ධයෙන් වන කාරණා අනෙකුත් අය හා සම්බන්ධයෙන් පනවනු ලබන දඬුවම් හා සමාන්තරව ගත නොහැකි බවද අවධාරණය කර සිටී.
2005 ජූලි මස 1 වැනිදා ඝාතනයට ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ මරණය සම්බන්ධයෙන් ජයමහට එරෙහිව පැවැති නඩු විභාගයේදී මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ අවුරුදු 12ක සිරදඬුවමක් සහ ලක්ෂ 3ක දඩයක් නියම කළ බවද චූදිත විසින් තීන්දුව සම්බන්ධව අභියාචනාධිකරණයට සිදුකළ අභියාචනයේදී ඔහුට මරණ දඬුවම නියම කර ඇති අතර එම තීන්දුව සම්බන්ධයෙන් ඔහු ඇපෑලක් ශේර්ෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති බව විශ්‍රාමික ශේර්ෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැහැදිලි කළාය.
ඒ අතර අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට නඟමින් විශේෂ අභියාචනයක් ගොනුකිරීම සඳහා අවසර ඉල්ලා සිටිමින් ගොනුකරන ලද විශේෂ අභියාචනාවසර අයැදුම්පත්‍රයද ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවද විශ්‍රාමික විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
ඒ අතර එමඟින් 139 යටතේ ඇපෑලක් ගොනුකිරීමට ඉඩ නොදීමෙන් පෙත්සම්කරුගේ නීතිමය හිමිකම අහිමි වී ඇති බවද විශ්‍රාමික විනිසුරුවරිය ප්‍රකාශ කර සිටියි.
අභියාචනාධිකරණය නඩු විභාගයක් නොපවත්වා මහාධිකරණය විසින් ලබාදුන් නඩු විභාගය අනුවම තීන්දුව ලබාදී ඇති බවද එමඟින් චූදිතගේ නීතිමය අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද විශ්‍රාමික ශේර්ෂ්ඨාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.
ඇපෑලක් ගොනු කිරීම ශේර්ෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා ජයමහ නමැත්තාට විශේෂ ජනාධිපති සමාවක් ලබා ගැනීම හැර කිසිදු වෙන හව්හරණක් නොමැති බවද විශ්‍රාමික ශේර්ෂ්ඨාධිකරණ විනිසුරුවරිය පෙන්වා දෙන අතර ඔහුට විශේෂ ජනාධිපති සමාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ජනාධිපතිවරයා විසින් ගැනීම වෙනත් කිසිවක් සමඟ සමාන කළ නොහැකි බවද ඔහුට එම සැලකිල්ල ලැබීම මඟින් වෙනත් වරදකරුවකුට අයිතිවාසිකම් ලැබීමක් එමඟින් සිදුනොවන බවද විශ්‍රාමික ශේර්ෂ්ඨාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.
ෆාදිලා තසීම්

COMMENTS