ජුනි මස 20වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අ...
ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ එම පෙත්සම් හෙට සහ අනිද්දා (19) සලකා බැලීමට නියමිතබව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.
රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාරවෙල්ගම, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කරතිබුණි.
එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
COMMENTS