බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවේදී පැවසූවේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වව්නි...
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදීය.
මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රවිකරුණානයක යන අය ඇතුලු වව්නියවේ වෙළඳනියෝජිතයින් හා තරුණ සංගම්හි සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ
‘‘ අපි ප්‍රකාශ කරලා තියනවා මේ රටේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේදී බලය බෙදාහැරීම ගැනත් ගන්නා පියවර ගැන ඒකීය රාජ්‍යක් තුල මීට පෙර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේත් , කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලයේත් , රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේත් ආව ඒ වාර්ථාවලින් සුදුසු කොටස් ඇතුල් කරනවා කියලත් ප්‍රකාශ කරල තියනවා හැම කෙනා සමගම සාකච්ඡා කරලා ඒ නිසා හැමකෙනාම සහභාගි කරවගෙන කටයුතු කරනවා විශේෂයෙන්ම වව්නියාව වගේ දිස්ත්‍රීක්කයක හැම ජාතියම ජීවත් වෙනවා අපිත් බලන්නේ මුලු රටේම ඉන්න ඔබ සියලු දෙනාම ඒ සියලුම ශ්‍රීලාංකිකයින් ආරක්ෂා කරලා බලයා බෙදාහැරලා වැඩකටයුතු ගෙනියන්න යුද්දෙ නිසා කරුණු ගණනාවක් පැන නැගුනා එත් සමහර ඒවා විසඳන්න අපි ක්‍රියාකරා ඉතුරු ඒවා විසඳන්නත් අපි පියවර ගන්නවා.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS