පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු මෙරටට පැමිණෙනු ඇත්තේ ලබන වසරේ මුල සිදුකෙරෙන අමාත්‍ය මණ්...
පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු මෙරටට පැමිණෙනු ඇත්තේ ලබන වසරේ මුල සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් අනතුරුව බව ආරංචිමාර්ග පවසයි.
ඒ මහතා දිවයිනෙන් පිටව යෑමට පෙර මේ සම්බන්ධයෙන් සිය දැඩි ස්ථාවරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
විශේෂයෙන්ම රට මුහුණ පා සිටින ආර්ථික අභියෝග හමුවේ ජනප්‍රිය නොවන තීන්දු කරා යෑමට ආණ්ඩුවට සිදුව තිබියදී ආණ්ඩුවක් වශයෙන් එහි සාමුහික වගකීම බාරගන්නවා වෙනුවට ආණ්ඩුව තුළම සිටිමින් ලාබ ජනප්‍රියත්වය උදෙසා ආණ්ඩුවේ කටයුතු වලට අකුල් හෙළන වන ඇමතිවරුන් සමග ඉදිරි ගමන ඉතාමත්ම අසීරු බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව එවන් ඇමතිවරුන් සියලු දෙනාම තනතුරුවලින් ඉවත් කළයුතු බව බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කර ඇති බව සඳහන්.
එසේම එවැනි ඇමතිවරුන්ව තවදුරටත් සුරතල් කරමින් තබාගැනීම තේරුමක් නැති බව පෙන්වා දී ඇති ඒ මහතා මෙවැනි තීරණාත්මක මොහොතක අඟේ ඉඳන් කන කන්නන්ගෙන් ප්‍රවේශම් වියයුතු බවත් තරයේ ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
COMMENTS