කවුරු කුමන බලපෑමද කළද වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේ...
ඔහු මේ බව සඳහන් කළේ ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.
විදෙස් රටවල් කියන පරිදි හමුදාපතිවරු ඉවත් කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම් නැති බවයි එහිදී ඔහු කියාසිටියේ.
හමුදාපති පත්කිරීම ඉවත් කිරීම රටේ වැඩක් වන අතර මේ වන විට යුධ හමුදාපති ලෙස පත්ව සිටින්නේ යුධ විරුවෙක් බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
කවුරුන් හෝ බලපෑම් කිරීමට පැමිණිය හොත් රටත් සමඟ එක්සේසත් වී කේසර සිංහයෙකු සේ මාතෘ භූමිය සුරකින බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
COMMENTS