ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන්...
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලීමේන් අනතුරුවයි.
මෙම අභියාචන පෙත්සම දෙසැම්බර් මස 10 දා විවාදයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදී .
ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික විරොධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ජනවාරි මස 11 දා නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචන පෙත්සම රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 15 දින ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

COMMENTS