දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් පරදවන්න එජාපය ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක්.. මහ මොලකරු රනිල් !
Homeප්‍රවෘත්ති

සජිත් පරදවන්න එජාපය ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක්.. මහ මොලකරු රනිල් !

PropellerAds

ජ නාධිපතිවරයා මන්දිරයේ වාසය කරනවාද, නැද්ද යන්න ජනතාවට වැදගත් නොමැති බවත් ඔවුන්ට වැදගත් වන්නේ ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නා තැනැත්තාට රට හැදීමට...

ගුවන් සෙබළෙකුට මරු කැඳවු ඩිෆෙන්ඩර් රථ අනතුර
තමන්ට එරෙහිව ඇති චෝදනා ගැන සනත්ගෙන් පළමු වතාවට හෙළිදරව්වක්
විග්නේශ්වරන් දෙමළ සන්ධානය හැර යන්න සැරසෙයි
නාධිපතිවරයා මන්දිරයේ වාසය කරනවාද, නැද්ද යන්න ජනතාවට වැදගත් නොමැති බවත් ඔවුන්ට වැදගත් වන්නේ ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නා තැනැත්තාට රට හැදීමට නායකත්වය ලබාදීමට හැකියාව සහ දැනුම තිබේද, යන්න පමණක් බවත් පෙන්වා දුන් ජානිපෙ නායක  මහතා මෙරට ජනතාව යළි කෙදිනකවත් ‘මෝස්තරකාර පූච්චානම් කතා සාප්පුවලට’ නොරැවටෙන බව තම විශ්වාසය බවත් සඳහන් කළේය.

යටියන්තොට තැලිගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙසේ සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘හොරකම හොඳහැටි වගා කළා’

“ධාරානිපාත වර්ෂාව මැද්දේ පැමිණ මේ ගෝඨාභය රාජපක්‍ෂයන් දිනවන ජනහමුවට සහභාගි වූ ඔබ සැමට ඒ කැප කිරීම වෙනුවෙන් මාගේ ශීර්ෂ ප්‍රණාමය පුදකර සිටිනවා. මේ යහපාලන පස් අවුරුදු සාපය අවසන් කිරීමේ නැකත උදා වී ඇත්තේ නොවැම්බර් 16 වැනිදායි. එදා යුද්ධය තිබියදී පවා මේ රටේ ආර්ථික වර්ධන වේගය 6.5%ක අගයක පැවතුණා. අද රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ එය 2.7% ක් දක්වා පහළ වැටී තිබෙනවා. තේ, රබර් වැනි අපනයන බෝගවලට, ගම්මිරිස්, කුරුඳු, එනසාල්, සාදික්කා වැනි සුඵ අපනයන බෝගවලට අද නිසි මිලක් නැහැ. මේ අය ආර්ථිකය හතරගාතෙන් ඇද වැට්ටුවා පමණක් නොවෙයි, මහා පරිමාණ හොරකම් හොඳ හැටි ‘වගා’ කළා. මහ බැංකුව කොල්ලකමින් ඇරඹූ ‘සුද්ධය’ අද සෑම රාජ්‍ය ආයතනයක්ම ‘ලෙල්ලටම’ කොල්ලකන තැනට ඇවිත් ඉවරයි. ඒ කාබාසිනියා කිරීම නිසා තමයි මේ ආණ්ඩුවේ පළමුවැනියා සහ දෙවැනියා ජනතාව ඉදිරිපිටට ඇවිත් ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලන්නේ නැත්තේ.

‘පරදින ජොකියා’

හරියට ආණ්ඩු කළා නම් අගමැති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉල්ලන්න තිබුණා. නමුත් එයා හොඳටම දන්නවා මේ ආණ්ඩු කෙරුවාව එක්ක ඡන්දයට ඉදිරිපත් වුණොත් පරදින බව. ඉල්ලුවොත් පරදිනවා, පක්‍ෂ නායකත්වයත් නැතිවෙනවා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්‍ෂ නායකත්වය තියාගෙන පරදින ‘ජොකියකුට’ ඉල්ලන්න දුන්නේ. පරදින ජොකියා තමයි සජිත් ප්‍රේමදාස.

‘සජිත් ඇතුළෙන්ම පරද්දනවා’

සජිත් පැරදුනාම එයාට ‘ආර්යාවත්’ එක්ක ගෙදරම යන්න වෙනවා. රනිල් පක්‍ෂ නායකකම තියාගෙන ඉදිරි මහ මැතිවරණයේදී විපක්‍ෂ නායක ධුරයත් ලබා ගනීවි. දැන් බලන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහෝදරයාට අයත් ටී.එන්.එල් නාලිකාව කටයුතු කරන විදිහ. ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්තයාව ප්‍රචර්ධනය කරනවාද? නැහැනේ. ඒකෙන්ම පේනවා සජිත්ව දාලා තියෙන්නේ පරද්දන්න බව. සජිත්ව පරද්දන්න අපි ඕනෙ වෙන්නේ නැහැ, එයාව පරද්දන්නේ ඇතුළෙන්මයි. ඒ හින්දා අපේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂයන් සටනට එන විටම ප්‍රතිවාදියාගේ නලලේ පරාජය ‘කොටලා’ තිබෙනවා. ඒ හින්දා තමයි නඩු දමලා ගෝඨාභය රජපක්‍ෂයන් එන එක නතර කරන්න හදන්නේ. ‘පුරවැසිභාවය’ තිබෙනවාද, කියා බලන්න එන්ජීඕ ඩොලර් කාක්කන් ලවා නඩු දැම්මාම මොකද වුණේ? නඩුව අහන්නේ නැතිවම නිෂ්ප්‍රභ කළා. ‘ඩිස්මිස්’ වුණා. අභියාචනාධිකරණ විනිසුරුතුමන්ලා තිදෙනාම ඒකමතිකව නඩුව නිෂ්ප්‍රභ කළා. ජනාධිපතිවරණවලදී ඡන්දයෙන් පරද්දනවා මිස මීට කලින් නඩු දමලා තම ප්‍රතිවාදියා සටනට එන එක නතර කරන උත්සාහයක් තිබුණේ නැහැ. නමුත් දැන් කොතරම් බය වෙලාද, කියනවානම් ප්‍රතිවාදී අපේක්ෂකයාට නඩු දමන තැනට මේ අය පල්ලම් බැහැලා.

‘කොන්ද පණ ඇති නායකයෙක්’

මේ රටේ ජනතාව අද කොන්ද කෙළින් තියාගෙන වැඩ කළ හැකි, සෘජු තීරණ ගන්නා නායකයෙක් ඉල්ලනවා. අපේ කිරිසප්පයන්ගේ ජීවිතවලට සහරාන්ලාට පමණක් නොවෙයි ඔවුන්ගේ අවතාරවලටවත් අබමල් රේණුවකවත් හානියක් කළ නොහැකි නායකයෙක් අපට උවමනා වී තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ කෙලින් තීරණ ගන්නා නායකයෙක් බව ඔප්පු කරලා ඉවරයි. අපට අමතක නැහැ, එතුමා ආරක්‍ෂක ලේකම් ධුරයට පත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් කටයුතු කළ මොහොත. ඒ මොහොතේ පටන් වෙහසිලා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය මනා ලෙස කළමනාකරණය කරලා තිස් වසරක් තිස්සේ ඇදී ගිය යුද්ධය වසර දෙකහමාරකින් නිමා කරලා දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා කටයුතු කළා. ගෝඨාභය කියන්නේ ‘කටින් බතල හිටුවන’ නායකයකු නොවෙයි.

‘ශ්‍රී මුඛයෙන් කතා කිරීම’

‘හත්වලාමේ’ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ‘ශ්‍රී මුඛයෙනුත්’ කතා කරන්න පටන් අරන්. (ජනතාවගේ හූ හඬ) ලොව්තුරා බුදුරජාණන්වහන්සේට පමණයි ‘ශ්‍රී මුඛය’ යන වචනය යොදාගැනීමේ අයිතිය තිබෙන්නේ. මුඵමහත් ලෝකයම නිවා සනසාලූ, නිර්මල, සත්‍ය ධර්මය දෙසා වදාරන ලද හෙයින් තමයි අපි ‘ශ්‍රී මුඛයෙන් දෙසා වැදෑරූහ’ කියන්නේ. අපේක්‍ෂකත්වය ලැබුණු ගමන් සජිත් බුදු වුණාද, දන්නේ නැහැ. මේ බෞද්ධ රටේ, ‘ශ්‍රී මුඛය’ නමැති වචනය භවිතා කිරීම පිළිබඳවත් නොදන්නා අයෙක් ජනාධිපතිවරයා වුවොත් කුමක් වෙයිද? දිනන්න කලින්ම මුඛය, ‘ශ්‍රී මුඛය’ වෙලා. කරුමෙට හරි දිනුවොත් අනෙක් ඒවාත් ‘ශ්‍රී’ කියලා දාගනීවි. ඒ වගේ ‘ලෙඞ්ඩුන්ට’ මේ රට හදන්න බැහැ.

‘ත්‍රස්තයන් හුරතල් කරපු ආණ්ඩුවක්’

2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහලා භාරගන්නේ සාමයෙන් පිරුණු රටක්. නමුත් මේ අය වසර හතරහමාරක් යනකොට හතර අතේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙන රටක් බවට මේ රට පත් කළා. මේ ආණ්ඩුව මුස්ලිම් සමාජයට සැලකුවේ නැහැ. නමුත් සහරාන්ලාට සැලකුවා. 2017 දී නැගෙනහිර මුස්ලිම් ජනතාව සහරාන්ලා සෙයින්දමරුදුවල පුපුරන ද්‍රව්‍ය ගොඩබාන බවට පැමිණිලි කළා. ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරපු ඕඅයිසීවරයා මාරු කළේ මේ ආණ්ඩුවයි. ඒ වගේම මේ අය දමිළ ජනතාවට සැලකුවේ නැහැ. නමුත් තමන්ට ආණ්ඩුව ගෙනියන්න උදව් කරන සම්බන්ධන්ට සැලකුවා. සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය අහිමි වූ පසුත් අදටත් එම ධුරයට අයත් නිල නිවස, වාහන 02, ඉන්ධන ලබා දෙනවා.

’ගෝඨාභය – මහින්ද සුසංයෝගය’

මේ මව්පොළොව අද යළිත් සාමය අයදිනවා, මේ මරබිය තුරන් කළ හැකි ධෛර්යසම්පන්න, එඞ්තර නායකයකු ඉල්ලා සිටිනවා. එදා ‘මහින්ද – ගෝඨාභය සුසංයෝගයට’ පුඵවන් වුණා නම් මේ රටින් මරබිය තුරන් කරන්න, හෙට දවසේ ‘ගෝඨාභය – මහින්ද සුසංයෝගයට’ රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න සියල්ල විසඳා දීමට පුඵවන්, කියන විශ්වාසය අපට තිබෙනවා. අපේ දරුවන්ගේ සිහින පැළ නොවන මුඩුබිමක් බවට පසුගිය වසර හතරහමාර තුළ මේ රට පත්කොට තිබෙනවා. ඒ නිසා තරුණ දරුවන් අද තමන්ගේ සිහින පැළ වෙතැයි සිතන රටවලට යන්න උත්සාහ කරනවා. 2015 ජනාධිපතිවරණයේදී තරුණයන්ට නොදුන්නු පොරොන්දුවක් නැහැ. නොමිලේ වයිෆයි, දෙනවා කිව්වාට අන්තිමේ දී ගූගල් බැලුමත් නැහැ, හරීන්ට ඩිජිටල් ඇමතිකමත් නැහැ. අපට ඉතිරි වුණේ අන්‍ය ජාතිකයන් දිහා සැකයෙන් බලන රටක්, නීතිය හා විධානය බිඳවැටුණු රටක්. අද හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය පාපොච්චාරණය කරනවා, ඇවන්ට් ගාඞ් සමාගමට බොරු නඩු පටලවා ගෝඨාභය රාජපක්ෂයන්ට ජම්පර් ඇන්දවීමට ගත්තු කාලකන්නි උත්සාහය පිළිබඳව.

’පින ඵල දෙන කාලය’

හැබැයි ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ මේ රට පව් කරලා නැහැ. ඒකයි ගෝඨාභයට දමන, දමන නඩුව විසි වෙන්නේ. නොවැම්බර් 16 වැනිදායින් පස්සේ උදාවෙන්නේ, මේ රටේ පින ඵල දෙන කාලයයි. ගෝඨාභය රාජපක්ෂයන් කිසිදාක මේ රටේ ජනාධිපති පුටුවට කෙළ හැලුවේ නැහැ. එතුමන්ට ජනාධිපති අපේක්‍ෂක ධුරය දෙන්න කියා ඉල්ලුවේ මේ රටේ පොදු ජනතාව. ඒ ඉල්ලීම අනුව තමයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් එතුමාගේ සහෝදරයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළේ. මේ මරබියෙන් ගැලවෙන්න එඩිතර නායකත්වයක් අවශ්‍යයි, කියා හිතපු මිනිස්සු තමයි ගෝඨාභය රාජපක්ෂයන් ඉල්ලා සිටියේ. අපි අපේ කඳවුරේ අපේක්ෂකයා බවට පත් කළේ ඒ ජනතා ඉල්ලීමයි.

’පියාණෝ හදපු ජනපති මන්දිර’

සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකකම ඉල්ලලා හන්දි ගානේ ගියා. ‘නොදුන්නොත් මම මැරෙනවා’ කියලා විතරයි නොකිව්වේ. දැන් කියනවා, ‘ජනාධිපති වුණොත් පාරට වෙලා ඉන්නවා’ කියා. ජනාධිපති මන්දිරවලට නොගිහින් ඉන්න ඔය වගේ කතා අපි 2015 දීත් ඇහුවා. ඔබට උවමනා කරන්නේ ජනාධිපති මනදිරය වහලා පාරේ රස්තියාදු වෙමින් සිටින ජනාධිපතිවරයකු ද? ඔය හැම තැනම ජනාධිපති මන්දිර හැදුවේ පියාණෝ බව පුතාණෝ නොදන්නවාට මේ රටේ ජනතාව දන්නවා. මේ රටේ ජනතාවට වැදගත් නැහැ ජනාධිපතිවරයා මන්දිරයේ ඉන්නවාද කියන එක. ඔවුන්ට වැදගත් වෙන්නේ ‘මේ රට හදන්න නායකත්වය දෙනවාද, නැද්ද, ඒකට මොළය තියෙනවාද නැද්ද’ යන්නයි. තමන්ගේ මුඛය ‘ශ්‍රී මුඛය’ යැයි කියාගන්නා ලෙඞ්ඩුන්ට මේ රට බාර නොදෙන්නේ ඒකයි. මේ රටේ ජනතාව ඔය ‘සරල පූච්චානම් කතාවලට’ ආයේ රැවටෙන්නේ නැහැ. ගම්මිරිස්, කරාබුනැටි, සාදික්කා, එනසාල් වැනි බෝගවලට, සමස්ත කෘෂි නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබෙන, මර බියෙන් තොරව දරුවන් පාසල් ගොස් පැමිණෙන කාලයක් අපට ඕනෙ. ඒ කාලය උදා කරන්න ‘කතා සාප්පුවලට’ බැහැ.

‘70%ක ප්‍රතිශතයකින්…’

ඒ කාලය උදා කරගැනීමේ දිනය තමයි නොවැම්බර් 16 වැනිදා. එදින පවුල පිටින් ඡන්දපොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂයන්ට විජයග්‍රහණයක් ලබාදෙමු. එය මුඵමහත් ජාතියම ලබන විජයග්‍රහණයක්. 70%කට එහා ගිය ඡන්ද ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ක්‍ෂයන් දිනවමු. එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කියනවා, ‘දේශපාලන පලිගැනීම් හොඳට කරන්නනම් සජිත් දිනවන්න’ කියා. මේ අය පලිගත්තේ රාජපක්ෂවරුන්ගෙන්, අපෙන් පමණක් නොවෙයි මේ මුඵමහත් රටෙන්. මතක තියා ගන්න, දේශපාලන පලිගැනීම් කරන්න මේ රටේ මිනිස්සු ඡන්දය දීපු කාලය ඉවරයි. ඒ වෛරී මතය මේ රටේ කිසිදු දේශපාලන දැක්මක් දරන්නන් පිළිගන්නේ නැහැ.

‘අන්තවාදය රැකපු රොත්ත’

ඒ නිසා අපි පලිගැනීම්වලින් තොරව රටත් ජාතියත් වෙනුවෙන් අරමුණු සහගතව කැපවෙන යුගය උදා කරන්න නොවැම්බර් 16 ‘ගෝඨාභය රාජපක්ෂ : පොහොට්ටුව’ ලකුණට ඡන්දය ලබා දෙමු. පියාණෝ ළඟ සිටියේ බාබු. අද පුතාණෝ ළග ඉන්නේ රිෂාඞ් බදියුදීන්. අද අන්තවාදය රැකපු දේශපාලකයෝ රොත්තම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව. අපවත් වී වදාල ගුරුකන්ද නායක ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගී වූ සියලුදෙනා අත්අඩංගුවට ගන්න, කියන අන්තවාදී සම්බන්ධන් ඉන්නේ සජිත්ගේ දකුණු අත පැත්තේ, රිෂාඞ් බදියුදීන් ඉන්නේ වම් අත පැත්තේ. ඒ වගේම මහබැංකුව සුද්ධ කරපු සෙට් එකත් ඉන්නේ සජිත් එක්ක. මේ අන්තවාදීන් හා හොර නඩය සමග මේ රටට හදන්න පු`ඵවන් අනාගතයක් නැහැ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් පරදවන්න එජාපය ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක්.. මහ මොලකරු රනිල් !
සජිත් පරදවන්න එජාපය ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක්.. මහ මොලකරු රනිල් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihdUYt4Vd0OydfgckqZvYzNAUtQlLCBtFHR3aWfPkH7lc-QOV9cgMCoCjykZ5cqBvBI9RrRgM4d09XedK7o9DU70suxcrntS55MVlbiuXxRWUHO7c3tdXfCV5E0XCrrF4EqT6QQqzrPfH_/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihdUYt4Vd0OydfgckqZvYzNAUtQlLCBtFHR3aWfPkH7lc-QOV9cgMCoCjykZ5cqBvBI9RrRgM4d09XedK7o9DU70suxcrntS55MVlbiuXxRWUHO7c3tdXfCV5E0XCrrF4EqT6QQqzrPfH_/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy