හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් තම...
හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් තමන් වැලකි සිටින බවයි.
කෙසේනමුත් ජයසුරිය මහතා ඉදිරියේදී මේ පිළිබඳව නිල ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවනු ඇති ආරංචි මාර්ග විශ්වාසය පල කරයි.
තමාට විරුද්ධව ඇති චෝදනා කිසිසේත්ම තරග පාවා දීම හා සම්බන්ධ නොවන බවට ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කෙසේ නමුත් මේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීම නීතිමය උපදෙස් මත නොකළ යුතු බව ජයසුරිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.
මේ වන විට ඔහුට ලබා දී දින 14ක කාලය ඇතුලත ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වන බවද ඔහු කියා සිටියහ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීමේ චෝදනා යටතේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් චෝදනා දෙක්ක එල්ල කර තිබේ.
ඒ අනුව එහි 2.4.6 වගන්තිය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය පවත්වන විමර්ශන සඳහා සහාය නොදැක්වීම, 2.4.7 වගන්තිය යටතේ එම පරීක්ෂණ සඳහා බාධා කිරිම යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ. එසේම විමර්ශන සඳහා අවශ්‍ය ලියකියවිලි ලබානොදීම මෙන්ම එම ලියකියවිලි විනාශ කිරිම කළ බවටත් සනත්ට චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව ඊයේ (15) ආරම්භ වන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
COMMENTS