ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වූවොත් ස්වාධීන තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් ප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වූවොත් ස්වාධීන තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
නව සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා යෝජනා ඇතුළත් එකගතා කෙටුම්පත පොදුජන පෙරමුණටත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී ඇත.
එම යෝජනාවලිය සඳහන් වන්නේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවූ බවයි.
සන්ධානයක් සඳහා ඇතුළත් යෝජනවලින් යොමු කර ඇත්තේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙතයි.
යෝජනාවලිය අනුව නව සන්ධානයේ සභාපති ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු පොදුජන පෙරමුණ ලබාදීමට ශ්‍රීලනිප ඇති අතර විධායක සභාවේ සාමාජිකයන් 51ක් පොදුජන පෙරමුණ 31ක් ශ්‍රීලනිපයටත් සෙසු සාමාජිකයන් සුළු පක්ෂවලින් තෝරා ගැනීමට යෝජනා කර තිබේ.
ජනාධිපතිවරණයට පෙර මෙම සන්ධානය ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරන ඇති අතර සෙසු මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදී ඇත.
කෙසේ වෙතත් නව සන්ධානයේ මැතිවරණ ලකුණ ‘පොහොට්ටුව’ ලෙස යොදා ගැනීමට ශ‍්‍රීලනිපය එකගතාවක් පල කර නැති අතර ඒ ගැන තව දුරටත් සාකච්චා කිරීමට නියමිතය.
පොදුජන පෙරමුණ දන්වා ඇත්තේ ජනාධිපතිවරණයකදී ඡුන්ද පත‍්‍රිකාවේ ඇත්තේ අපේක්‍ෂකයාගේ නම මිස පක්‍ෂයේ නම නොවන නිසා මැතිවරණ ලකුණ එතරම් ගැටළුවක් කර ගත යුතු නැති බවයි.
ගිය පලාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ 45%ක් හා ශ‍්‍රීලනිපය 14%ක් ඡුන්ද ලබා ගත්තේය.

COMMENTS