දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මතකයෙන් බිඳක් - 3 "හේරත්ලාගේ පෙම්වතිය" - මල්ලිකා එම්. බණ්ඩාර​
Homeප්‍රවෘත්ති

මතකයෙන් බිඳක් - 3 "හේරත්ලාගේ පෙම්වතිය" - මල්ලිකා එම්. බණ්ඩාර​

PropellerAds

ඇයි ඒ අය නෑවිත් ඉන්නෙ? මගේ හිතට පුංචි පහේ ප්‍රශ්නයක්! මං ඇහුව කීපදෙනෙකුගෙන්ම, "කෝ අර “so and so” හරි ආසයි දකින්න? මං හිතුව අපේ බැච...

ඔව් ක්‍රිකට් තරගය පාවා දුන්නා... ඒ රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතාවයකට - විජයමුණි සොයිසා
කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ !
තවත් කොරෝනා පොකුරක් පත්තු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා
මතකයෙන් බිඳක් - 3


ඇයි ඒ අය නෑවිත් ඉන්නෙ? මගේ හිතට පුංචි පහේ ප්‍රශ්නයක්!
මං ඇහුව කීපදෙනෙකුගෙන්ම, "කෝ අර “so and so” හරි ආසයි දකින්න? මං හිතුව අපේ බැච් එකේ 720 ම ඇවිත් ඉඳී කියල​. ඒ නිසයි මමත් මේ තකහනියේ ආවෙ".
“හුඟ දෙනෙක් එන්නෙ නෑ . පහුගිය අවුරුදු වල හැමදාමත් එන අය තමයි ඔය ඇවිත් තියෙන්නෙ”. සමකාලීනයෝ එහෙම කීව​.
“තුන්සීයක්වත් නැති තරම්" මං වට පිට බලලා තහවුරු කරගත්තා.
ඔන්න ඔය අතරේ මැදිවිය ඉක්මගිය කාන්තාවක්, කඟවේනෙක් වගේ දුවගෙන ආවා. ඇවිත් මාව බදාගෙන, “ඔයා එන බව දැනගත්ත වෙලාවෙ ඉඳලා මට ඉවසිල්ලක් නෑ".
ඇය හැඟීම්‍ බර හඬින් කීව​.
දශක හතරක​ කාලය මැවූ වෙනසක අරුමේ! මේ මගෙ රූම් මේට් ප්‍රියා! (The most sought-after girl of the Batch!).
අපි දෙන්නම මොහොතක් ගොළු වුණා. වචන තෝරා බේරා ගන්න බැරුව​. ඒක හරිම සංවේදී මොහොතක්!අපි දෙන්නගෙම​ ඇස් වල කඳුළු පිරිලා.
මං මගේ මිතුරියගෙ කණට කරලා,
"ඉතින් කොහොමද, "හේරත්ගෙ පෙම්වතී?” කියලා ​ ඇහුවා.
“අයියෝ ඔයා තාමත් ඒවගේමයි. අමතක වෙලා නෑ වගේ පරණ කතන්දර​”.
"මට නිතර මතක් වෙනව​..."
"අපිට කාඩ් ගහපුවා?"
"ගොඩක් දේවල්! ඒ අතරේ ඔයාගෙ කතන්දරෙත්...”
“ඇයි තෙල් බෙදිලි? බාල්දි පෙරෙලිලි? කයිලාසෙ හොල්මන්, Three weeks suspension?”
“ඒ හැම දෙයක්ම මට මතක් වෙනව​. ඒ නිසයි මට ආයෙත් එක සැරයක් හරි ඔයාලව දකින්න එන්න හිතුනෙ”.

අපි හිනා වුණා, ඉස්සර වගේම සැහැල්ලුවෙන්. කැම්පස් එකට ආවට පස්සෙ, ආයෙත් අපි අර ඒ කාලෙ හිටිය කෙල්ලොමද කියල හිතෙනව​. ආගිය විස්තර කතා කරන ගමන්, ගාන්ධර්ව සභාවේ එක් රැස් වෙලා හිටිය,අපේ සමකාලීන සහෝදර සහෝදරියන් අතරට අපි ගියා. ඒ යන ගමන්
"කොහොමද හේරත්?" කියල මම ඇහුව.​
"තවමත් වැඩ … දෙපර්තමේන්තුවෙ".
“එතකොට අනික් හේරත්ලා; අර වැලිමඩ හේරත්, කුරුණෑගල හේරත්, මහියංගනේ හේරත්...කවුරුවත්ම මුණගැහිලා නැද්ද “pass out” වුණාට පස්සෙ?
“නෑ අනේ. මගේ හේරත් ගැන විතරයි මම දන්නෙ".
එතකොට අර, "ඔයාගෙයි ඔයාගෙ හේරත්ගෙයි " අතරේ තිබුණ සම්බන්ධය බ්‍රේක් වුණොත්, කියලා බලාගෙන හිටපු හේරත්? මම ඇහැක් ඉඟි කරන ගමන් ඇහුව​.
"ආරංචියක් නෑ.
"අනික් හතර දෙනා ගැනත් ආරංචියක් නං නෑ? "
ප්‍රියා හිනාවුණේ ලැජ්ජාවෙන්.
පුංචි විරාමයකට පස්සෙ, හදිසියේ යමක් මතක් වුණා වගෙ ප්‍රියා කීව.
“අර කොත්මලේ හේරත් ලෙඩ වෙලාලු … අර කෑගල්ලේ හේරත් මැරුණලු, අර බදුල්ලේ හේරත්, ඒ කියන්නෙ අර වලහගෙ affair එකත් break වුණාලු...”
අවුරුදු තිහ හතලිහකට ඉස්සර මතකයෙන් බිඳක්, හරියට හීනෙන් ගෑ සුවඳ පොදක් වගේ මගේ හිතට කාන්දු වෙන්ට පටන් ගත්ත​. ඒ මතක සුවඳ මැදින්, ජීවිතය මල් උයනක් වගේ සුන්දරවූ අතීතය මෙනෙහි වෙනව. ජීවිත​ උරුමය කෙටුම්පත් කළ සන්නසේ පත් ඉරු අතර ලියැවුණ වැදගත් නොවැදගත් ඇලපිල්ල පවා අළුතින් තේරුම් ගන්නට හැකිනම්!

අපි සරසවි ගිය අළුත, අපි ඉතින් සරසවියට කෝඩුකාරයෝ. මුල් සති දෙක, නිකං අමුතු ග්‍රහ ලෝකෙකට අතෑරලා දැම්මා වගේ. සමහර වෙලාවට මොන මළ වදයක් ද මේ වුණේ කියලත් හිතුන​. අපි කවුරුත් හැංඟෙන්ට​ තැනක් තියෙනවනම්, බේරාගන්ට කෙනෙක් එනවනං කියලා හිතුව රැග් එකට බයේ. හික්මීයො වගේ එක රොත්තට ගුලි ගැහිලා, ආට්ස් බ්ලොක් එකට යන්නෙත්, ආපහු හොස්ටල් එකට එන්නෙත් හරිම පරිස්සමෙන්.
රාමනාදන් එකෙන් එළියට ආව වෙලාවෙ ඉඳලා සඳසිරියේ ගාල් වෙලා හිටය ජ්‍යේෂ්ඨ උත්තමයන්ට අහුවෙනව​. කලාගාරයට යනකම්ම අපි ගිල ගන්ට මකරු එයි කියලා හිතේ මහ බයක්. හිල්ඩා ගහ යටදි හිල්ඩා ජ්‍යේෂ්ඨ උත්තමයින්ට නැත්නම් J.P. ජ්‍යේෂ්ඨ උත්තමයින්ට අහු වෙනව​.

ජ්‍යේෂ්ඨ උත්තමයින් හැමෝම අහන්නෙ එකම ප්‍රශ්න​. එකම ආමන්ත්‍රණ​. එකම දේ අපිත් කියනව​. හැම කෙනාම අහන්නෙ එකම ප්‍රශ්න නිසා අපි සුදුසු උත්තර හදාගෙන සූදානම් වෙලා ඉන්නව​.
අපි ඉතින් ලෙක්චර්ස් යන්නෙ රංචුවක් විදියට​. තනියම රැග් වෙනවට වඩා හොඳයිනෙ තනි නොතනියටවත් කවුරු හරි ළඟ පාතක​ ඉන්න එක​.
හිල්ඩා ඔබේසේකර​ ශාලාව ළඟින් යනකොට සමහරු අපිව වෙන්දේසි කර​නව​.

"ලාබයි ලාබයි. බඩු ලාබයි. පරණ බඩු කුණු කොල්ලෙට​. අළුත් බඩු ලාබයී" කියලා හිල්ඩා, ජේම්ස් පීරිස් උත්තමයෝ කෑගහනව​.

මුලදි නම් ඒක මහ මදිකමක් වගේ දැනුනා තමයි. ටික දවසක් ගියාම හරිම fun! ඒ කාලෙ රැග් එක වුණත් මානුෂිකයි. කවි, සිංදු, පිරිත් කියවීම​, නැටීම හෝ රඟ දැක්වීම: මහ​ අමාරු දේවලුත් නෙවෙයිනෙ.
ඉතින් ඔය "රැග් සීසන්"එකේදි තමන් ගේ සරසවි පෙම්වතිය තෝරාගැනීමත් ජ්‍යේෂ්ඨ උත්තමයින්ගෙ එක ඉලක්කයක්.

මගේ රූම් මේට් ප්‍රියා. හරිම “ඇක්ට්‍රක්ටිව් ගර්ල්”. ඉතින් උත්තමයො තරඟයට වගේ එයාව ලුහුබඳිනව​. කාන්දමකට ඇදෙන අල්පනෙත්ති වගේ ඇදීගෙන එනව​. එයා නිසා මමත් රැග් වෙනව​. මගෙන් නම් ඉතින් වැඩිම වුණොත් අහන්නෙම, "රාමනාදන් යකා කියපන් නම​. කොහෙන්ද උඹ, ප්‍රාදුර්භූත වුණේ?" වගේ ප්‍රශ්න​.
එක අතකින්, "අජූව පෙනුමත් නරකම නෑ" කියල එහෙම වෙලාවට මට හිතිලා තියෙනව​.

මගේ රූම් මේට් ප්‍රියාගෙන් නම් අහන්නෙම, ​“ඒයි! උඹ මාත් එක්ක හිච් වෙන්ට කැමතිද?" කියල.
ප්‍රියා "නෑ" කියනව​.
ඒ වගේ උත්තරේකින් උත්තමයෝ අධෛර්යමත් වෙන්නෙ නෑ. "කියපන් උඹෙ නම, ගම​, ඉස්කෝලෙ, තාත්තගෙ රස්සාව​". දවසක එක උත්තමයෙක් ප්‍රියාට කීව​.
ඉතින් ප්‍රියා අනුපිළිවෙලට​ ප්‍රශ්න පත්තරේට​ නිවැරැදි උත්තර සපයනව​​. මම එයාගෙ කණට කරලා​,
" තාත්තා සාරවිට වෙළෙන්ඳෙක් කියන්න​" කියලා කීව.
" තාත්තා සාරවිට විකුණනවා". ප්‍රියා කීව​.
ඒ ජ්‍යේෂ්ඨ උත්තමයා ඒක විශ්වාස කළා. ඒ උත්තමයටත්‍ අර මිදි ඇඹුල් කීව හිවලට වගෙ නිදහසට කාරණාවකුත් හම්බවුණා.
"ඒකි ලස්සන වුණාට තාත්තා සාරවිට කාරයෙක්ලු", කියලා එයා අනිත් ශිෂ්‍යයින් එක්කත් කියලා තිබුණ​.

රැග් සීසන් එකේ ඉඳලම, ප්‍රියා පස්සෙන් වැටුණ උත්ත්තමයො අතරේ, හේරත්ලා හත් දෙනෙක් හිටියා, සම්භාවිතා න්‍යායට පටහැනිව​. ප්‍රියා ඒ හැමෝටම කීවෙ, "මට ගමේ බෝයි කෙනෙක් ඉන්නව" කියලා. එයාට එහෙම කෙනෙක් හිටියෙ නෑ තමයි.

“ප්‍රියා, හරි වැඩක්නෙ මේක​. හේරත්ලා රොත්තක්මනෙ පොරකන්නෙ" දවසක​ මං කීව​.
"මොන වධයක්ද මන්දා. මං ඒ එක්කෙනෙකුටවත් කැමති නෑ. කීවට අහන්නෙ නෑනෙ". ප්‍රියා චරු චුරු ගානව​.
"ඔයා කියන්න, බෝයි කෙනෙක් ඉන්නව​. එයාගෙ නම, ඔයාගෙ අයියලා මල්ලිලාගෙ නම් වුණත් කමක් නෑ. හිතුන නමක් කියන්න"​, මම කීව​.

ඉතින් ඊට පස්සෙ ප්‍රියා, එක උත්තමයෙකුට කියනව එයාගෙ බෝයිගෙ නම "සුනිල්" කියල​. ඉක්මණින් නමක් කියන්ට ඕන නිසා ප්‍රියා, එයාගෙ සහෝදරයො හතර දෙනාගෙ නම් වලින් කටට ආව නම කියනව​. සරත්! සුනිල්! සමන්! සිසිර​!". ඇය මාරුවෙන් මාරුවට කියනව​.
අර නිතර, ප්‍රියා පස්සෙන් වැටුන උත්තමයො කීපදෙනාට විවිධ තැන්වලදී ඇය දුන් උත්තර පරස්පර බව තේරුම් ගියා.
" කියපන් උඹේ ගමේ එකාගෙ ඇත්තම නම​?" එක උත්තමයෙක් අහනව​. ඒ වෙලාවෙත් ප්‍රියා මුලින් කීව නම වෙනුවට වෙන​ නමක් කියලා. අර උත්තමයා හොඳටම බැන්නා.
“උඹට මිනිහලා කීදෙනෙක් ඉන්නවද කියපං? උඹ AT එක ඇතුළට එනකොට එකක් කියනව​. පිටවෙන කොට තව එකක් කියනව්. ලයිබ්‍රරි එක ඉස්සරහදි වෙන එකක් කියනව​. ඇතුළෙදි වෙනමම එකක් කියනව​..."

ඉතින් ඒ ජ්‍යේෂ්ඨයා, ගාල්ලෙ නැත්නම් මාතර කෙනෙක්. ප්‍රියාට දබරඟිල්ල උරුක් කරලා, "මීට පස්සෙ කවුරු හරි උඹෙ නම ඇහුවොත් කියපං " උඹේ නම අනුලා දේවී ය​ ” කියලා. ගමේ එකාගෙ නම ඇහුවොත් කියපං "දරමිටියාය කියලා" කීව​.

ප්‍රියා හොස්ටල් එකට ඇවිල්ලා හොඳටම ඇඬුව​. කොටිදෙනක් වගේ මං දිහා රවාගෙන ඉඳලා " ඔයාගෙ ලණු කාලා මට දැං ඇතිවෙලා" කියල කීව​.
කොහොම හරි, ගමේ පෙම්වතෙකු සිටින බව විශ්වාස කළ හේරත්ලා තුන් දෙනෙක් වරින් වර තරඟයෙන් ඉවත් වුණා. තව තුන් දෙනෙක් උත්සාහය අත නෑර අන්තිම මොහොත දක්වා තරඟයේ රැඳී හිටියා. ඒ අය​ හැම දවසකම මඟ රැක සිට ප්‍රියාට සමීප වීමට උත්සාහ කළා.

“ අර වලස් තොප්පියක් වගේ කොන්ඩෙ තියෙන හේරත් තවම සටනෙ නේද​?”දවසක මං ප්‍රියාගෙන් ඇහුව.
" මං කීව එයාට, මම​ හේරත්ලාට කැමති නෑ කියල". ප්‍රියා බිඳුන හඬින් කීව​.
"ම්හු! ඒකෙන් ඔයාගෙ අකැමත්ත හරියට කියවෙලා නෑ. මොට්ටී, කියපං වලහැඩියන්ට මම කැමති නෑ කියලා" මං කීව.
"මූණට කියන්න පුළුවන්ද එහෙම දෙයක්?"
"එහෙනම් ව්‍යංගෙන් කියපං"
"ඒ කියන්නෙ?
" ඒ කියන්නෙ මෙහෙමයි, “සූප්පා දේවි වගෙ කෙල්ලො කැමති වුණෙත් සිංහයෙකුට​. මම කොහොමද කැමැති වෙන්නෙ වලහෙකුට”? කියන්න​.
ප්‍රියා ඒක හේරත්ට කියලා!
කොහොම හරි ඊට පස්සෙ 'වලස් හේරත්", ප්‍රියා ගැන කරදර වුණෙ නෑ. නමුත් පහු කාලෙදි අපේ බැච් එකේම ලස්සන කෙල්ලෙක් එක්ක hitch වුණා. අන්තිමට ඉතුරුවුණ හේරත්ලා දෙන්නගෙන් කෙනෙක් එක්ක ප්‍රියා hitch වුණා.
දවසක strike ගහ හරියෙදි ප්‍රියාට “අන්තිම හේරත් නැත්නම් හත්වෙනි හේරත්” මුණ ගැහිලා තනියම එද්දි.

"ප්‍රියා, කවද හරි ඔයාට හේරත් එපා වුණොත් හරි, හේරත්ට ඔයාව එපා වුණොත් හරි මට කියන්න හොඳේ​. මං ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නව”​ කියල​ කීවලු.

හේරත්ලම හත් දෙනෙක්, එකම කෙල්ලෙකුට පෙම් කරපු එකත් විරල​ සංසිද්ධියක්! ඒ නිසා අපේ සරසවි සෙට් එක, ඒ කියන්නෙ "රාමනාදන් හතේ කල්ලිය​" ප්‍රියාව හැඳින්නුවේ, "හේරත්ලාගේ පෙම්වතිය" කියන අන්වර්ථ නාමයෙන්​. අවුරුදු ගණනකට පස්සෙ, ප්‍රියා, එයාගෙ සරසවි පෙම්වතා හේරත් එක්ක විවාහ වුණා.

කොහොම වුණත් හේරත්ලා හත් දෙනෙකුටම ප්‍රේමයේ පොදු සාධකය වුණේ ප්‍රියා!

 

 

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මතකයෙන් බිඳක් - 3 "හේරත්ලාගේ පෙම්වතිය" - මල්ලිකා එම්. බණ්ඩාර​
මතකයෙන් බිඳක් - 3 "හේරත්ලාගේ පෙම්වතිය" - මල්ලිකා එම්. බණ්ඩාර​
http://ift.tt/2wL2Im3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/3_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/3_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy