අතීතයේදී එළාර - දුටුගැමුණු ද්වන්ධ සටන මෙන් වර්තමානයේදී අන්තර්ජාලය තුළ 'බයි - ටොයි සටනක්' පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පත...
අතීතයේදී එළාර - දුටුගැමුණු ද්වන්ධ සටන මෙන් වර්තමානයේදී අන්තර්ජාලය තුළ 'බයි - ටොයි සටනක්' පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවැති සංවාදයකට එක්වෙමිනි.
බයි-ටොයි සටනේදී පිරිසක් හම්බන්තොට වරායෙන් ලාභ ලබන බව පවසන ආකාරයෙන් ඇත්ත වශයෙන්ම ලාභ ලබන්නේදැයි මන්ත්‍රීවරයා වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
එහිදි පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ වරායෙන් ලාභ ලැබීමට වසර 50ක් පමණ ගත වෙනු ඇති බවයි.
එසේම හම්බන්තොට වරාය පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ තාවයෙන් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් ඔහු පැවැසීය.
COMMENTS