දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපනයෙන් පසු අතරමංවන තරුණ තරුණියන්ට කරන දේ ගෝඨා කියයි
Homeප්‍රවෘත්ති

අධ්‍යාපනයෙන් පසු අතරමංවන තරුණ තරුණියන්ට කරන දේ ගෝඨා කියයි

PropellerAds

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ තේමාව ඔස්සේ කු...

දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 
බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට නීතිය අකුරටම - ජනපතිගෙන් මහින්දට සහතිකයක්!
ඇමති විජයදාසගේ අයි.එස් කතාවට රාජිතගෙන් වෙනස් කතාවක් (VIDEO)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ තේමාව ඔස්සේ කුලියාපිටියේ සංවිධානය කර තිබූ ජනහමුව අමතා අදහස් දැක්වූ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා

2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා රට භාර ගත්තේ විශාල අභියෝග රැුසක් මැදයි. ඒ අභියෝගවලට මුහුණ දෙන්නට හැකියාව ලැබුණා. අවුරුදු ගණනාවක් තිස්සේ ඇදීගිය ත‍්‍රස්තවාදය පරාජය කරලා රටට සාමය ගෙනාවා. ඉතිහාසයේ කිසි දිනෙක නොදැකපු යටිතල සංවර්ධනයක් රටේ ඇති කළා. ඒ වගේම දැනට ලැබී තිබෙන අභියෝග විසඳන ආකාරය පැහැදිලිව අප ඉදිරිපත් කරලා තිබෙනවා. අපි පොරොන්දු දෙන්නේ ක‍්‍රියාත්මක කරන්නයි.

මේ රටේ ආරක්‍ෂාව නැවත තහවුරු කරන්නට, ආර්ථික වශයෙන් රට සංවර්ධනය කරන්නට පැහැදිලි ආර්ථික සැලැස්මක් අප ඉදිරිපත් කර තිබෙනවා. මේ රජයට කිසිම ප‍්‍රතිපත්තියක් නැහැ. ගොවි ජනතාව වත්මන් ආණ්ඩුවෙන් අපහසුතාවකට පත්වෙලා. අප ඉදිරියේදී ගොවීන් වෙනුවෙන් සහන රැුසක් ලබා දෙනවා.

මේ ලබාදෙන සහන නිසි ප‍්‍රතිඵල ලබා ගැනීමෙන් දෙන පොරොන්දු පමණයි. ඡුන්ද ලබා ගැනීමේ අරමුණින් අපි පොරොන්දු ලබා දෙන්නේ නැහැ. සහන මිලට පොහොර දුන්නා. ඉදිරියේදී අපි පොහොර නොමිලේ ලබා දෙනවා. ගොවීන්ගේ ණය කපා හරිනවා. ගොවි ජනතාව වෙනුවෙන් දිරිමත් කිරීමට රක්‍ෂණ, ණය ක‍්‍රම ඇති කරනවා. නවීන තාක්‍ෂණය ගොවීන්ට හඳුන්වා දෙනවා.

අපේ රට ආහාරවලින් ස්වංයපෝ්ෂිත කළ යුතුයි. ආහාර සුරක්‍ෂිතතාව ලෝකයට වගේම අපේ රටටත් වැදගත්. ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමටයි මේ සහන අපි ලබා දෙන්නේ. මේ රජයේ බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් අසරණ වෙලා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසාකයන්ට ආයෝජන අවස්ථා ලබාදෙමින් බදු ප‍්‍රතිපත්තිය සරල කරනවා.

විවිධ බදු වර්ග, දුරකථන ඇතුළු බදු ඉවත් කරලා බදු ක‍්‍රමය සරල කරනවා. විදේශීය විශේෂඥයන් විසින් සකස් කළ බදු ප‍්‍රතිපත්ති මේ රටට ගෙනැත් ජනතාව අසරණ කර තිබෙනවා. අපි විද්වතුන් සමඟ සාකච්ඡුා කරලා සකස් කළ වෙනස් නොවන බදු ප‍්‍රතිපත්තියක් අප ඉදිරිපත් කරනවා.

වැට් බද්ද සියයට 20 සිට සියයට 11 දක්වා අඩු කළා. යළිත් මේ රජය වැට් බද්ද සියයට 15 ක් දක්වා වැඩි කළා. අපේ රජයක් යටතේ වැට් බදු සියයට 8 ක් දක්වා අඩු කරනවා. කෘෂිකර්මාන්තය අදාළ සියලූම බදු ඉවත් කරනවා. රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට නව ව්‍යාපාර ඇති කිරීමට බදු සහන ලබා දෙනවා. රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් රටක ස්ථාවරත්වයක් ඇති විය යුතුයි.

එහෙම නොවුණොත් ආයෝජකයන් අපේ රටේ ආයෝජනය කරන්නේ නැහැ. දේශීය කර්මාන්තකරුවා ආරක්‍ෂා කරන ප‍්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. විදේශීය කර්මාන්තකරුවන්ට අවස්ථාව ලබා දෙන්නේ දේශීය කර්මාන්තකරුවාගේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන ගෙනයි. ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්වන විට අවස්ථා රැුසක් අපට ලබාගන්න පුළුවන්. එහිදී මිනිස් සම්පත කෙරෙහි අප අවධානය යොමු කරනවා.

අද තරුණ තරුණියන් විශාල පිරිසක් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු අතරමං වෙනවා. අපි තරුණ තරුණියන්ගේ නිපුණත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් සිටින සියලූම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙන බවට පොරොන්දු වෙනවා. සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත්ව සිටින සිසු සිසුවියන්ට නිපුණත්වයක් ලබාදී රැුකියා අවස්ථා ලබා දෙනවා.

ඔවුන්ට හොඳ වේතනයක් ලැබෙන පරිදි රැුකියා අවස්ථා බිහි කරනවා. සමාජයේ අතරමංව සිටින තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් අප ක‍්‍රියාත්මක කරනවා. රටේ ආරක්‍ෂාව ඇතුළු සංවර්ධන ක‍්‍රියාවලිය වෙනුවෙන් සැලසුම් සකස් කර අවසන්. අපට හොඳ නායකත්වයක් තිබෙනවා. නිවැරදි තීන්දු තීරණ ක‍්‍රියාත්මක කළ හැකි හොඳ කණ්ඩායමක් අප සතුව සිටිනවා.

– GR midea


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපනයෙන් පසු අතරමංවන තරුණ තරුණියන්ට කරන දේ ගෝඨා කියයි
අධ්‍යාපනයෙන් පසු අතරමංවන තරුණ තරුණියන්ට කරන දේ ගෝඨා කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLqwwE76L4e07HMwNj9vD7awDARiwzUQ0Y8a-ywDhNt1Z04xkhRkQ8rMBDiK3MnQVSpLr2LXqp2jiW2kWdfhjM9dGqX6L9kXDt-F8psgH2TeUz4eQJTO1Kf5LrhgmE6-WTfAyR7zfPnGx2/s320/gotab.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLqwwE76L4e07HMwNj9vD7awDARiwzUQ0Y8a-ywDhNt1Z04xkhRkQ8rMBDiK3MnQVSpLr2LXqp2jiW2kWdfhjM9dGqX6L9kXDt-F8psgH2TeUz4eQJTO1Kf5LrhgmE6-WTfAyR7zfPnGx2/s72-c/gotab.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_802.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_802.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy