දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකකගේ පුත‍්‍රයන් දෙදෙනාම පාස්කු දිනයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බව තහවුරුයි..
Homeප්‍රවෘත්ති

ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකකගේ පුත‍්‍රයන් දෙදෙනාම පාස්කු දිනයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බව තහවුරුයි..

PropellerAds

ස ජිත්  ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වෙනි දා වැරදිමකින් හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත් වුවහොත් රට දෙකඩ වීම වැළැක්වීමට කිසිසේත්ම නොහැකි වනු ඇතැ...

"ආණ්ඩුව ඉල්ලනවා - මෙහෙන් දෙන්න හදනවා" - විජයමුණි කියයි
රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳට සහ දියණියට ඇප
"රන්ජන් ලවා මංගල අලුත් වැඩක් පටන් අරන්" - අජිත් ප්‍රසන්න
ජිත්  ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වෙනි දා වැරදිමකින් හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත් වුවහොත් රට දෙකඩ වීම වැළැක්වීමට කිසිසේත්ම නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අනතුරු අගවයි.
ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් වත්මන් රජය ක්‍රියාත්මක කළ බෙදුම්වාදී ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට යනු ඇති බව යි. පසුගිය වසර හතරාමාරක කාලය තුළ රනිල් – සජිත් ආණ්ඩුව මෙරට බෙදුම්වාදය ශක්තිමත් කළ බවත්‚ මේ වන විටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය  කිරීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ යෝජනා 13 ටම ඔවුන් එකගතාවය පළ කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේ ය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මේ අදහස් පළ ‍කළේ උඩුගම්පල කාර්යාලයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේ ය.

“අද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කතා කරන්නේ මැරිලා ඉපදුනා වගෙයි. ඔහු කියන සමහර කථා අහපුවාම අපිට හිතෙනවා ආණ්ඩුව කළේ වෙන කවුරු හරිද කියලා. අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටිලා. මහින්ද මහත්තයගේ කාලේ වේල් තුනම කාපු අපේ රටේ ජනතාව අද එක වේලක් කාලා යන්තම් පණ ගැටගහගන්න තත්ත්වයට පත්වෙලා. සජිත් ප්‍රේමදාස මහතා කියනවා  ජනතාව බදු බරින් මිරිකිලාලු. ජීවන වියදම ඉහළ ගිහින්ලු. පුදුම කථාවක් ඒක. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්. එතකොට මේ ආණ්ඩුව අද මේ රට පත් කරලා තියෙන තත්ත්වයට සජිත් ප්‍රේමදාස මහතාත් වග කිව යුතු ය. සජිත් කියන කථා මේ රටේ පොඩි ළමයෙක්වත් කියන්නේ නෑ. පියාණෝ වගේ සිල්ලර කථා කියලා පුතාණෝ හදන්නේ මේ රටේ ජනතාව රවට්ටන්න.

මේ රටේ හිටපු රණසිංහ ප්‍රේමදාස‚ ඒ කියන්නේ සජිත්ගේ පියාණෝ වගේ ජනාධිපතිවරු යුද්ධය වවාගෙන කෑවා. 2005 බලයට පත් වුණු මහින්ද – ගෝඨාභය සුසංයෝගය තමයි දශක 03ක් පැවති මේ යුද්ධය අවසන් කරලා රට එක්සේසත් කළේ. එදා අපට ලැබුණු නිදහස වසර 10 ක් යන්න කලින් නැවත පාවා  දෙන්න සජිත් කැබිනට් ඇමතිවරයෙකු ව සිටින මේ ආණ්ඩුව කටයුතු කළා. ජාතික ආරක්ෂාව නැත්තට නැති කළා. බුද්ධි අංශ සාමාජිකයෝ හිරේ දැම්මා. රණවිරුවෝ හිරේ දැම්මා. එදා කොටි ත්‍රස්තවාදයට යුද්ධය හරහා ලබා ගන්න බැරි වුණ දේ බන්දේසියක තියලා දෙන්නයි මේ ආණ්ඩුව හදන්නේ. ඒකයි ටී.එන්.ඒ සංවිධානය ඉදිරිපත් කරපු රට බෙදෙන යෝජනාවලියට සජිත් ප්‍රේමදාසලා හොර රහසේ එකගතාවය පල කරන්නේ. මේ නඩයට අවශ්‍ය කොක්කෙන් හෝ කෙක්කෙන්  ජනාධිපති වෙන්නයි. ඔවුන් ට රට නෙමෙයි වැදගත්. ජනතාව නෙමෙයි වැදගත්. ජනාධිපති සිහිනය කෙසේ හෝ ඉටු කරන්නැ’යි ඔවුන්ට ඕනෑ. ඒ වෙනුවෙන් රට විතරක් නෙමෙයි අම්ම තාත්තව වුණත් පාවා දෙන්න සජිත් සුදානම් බවයි අපිට පේන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබද තේරී පත් කළ තේරීම් කාරක සභාව හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්. සහරාන්ලා එක්ක එක පතේ කාපු හකීම් තේරීම් කාරක සභාවේ නියෝජිතයෙක්. ඒ වගේ ම නලින්ද ජයතිස්ස ජවිපෙ මන්ත්‍රීවරයාත් මෙහි සාමාජිකයෙක්. ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මේ වන විටත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ ඉන්නවා. ඔහුගේ දරුවන් දෙදෙනාම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බව තහවුරු වෙලා තියෙනවා. අපි මුල ඉදලම කිව්වා පාස්කු ප්‍රහාරය පිළිබද  සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාව හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බව. මේ වන විට නිකුත් කරලා තිබෙන වාර්තාවෙනුත් පාස්කු ප්‍රහාරයට වග කිවයුතු  සැබෑ පුද්ගලයන් චෝදනා වලින් නිදහස් කර තිබෙනවා.

අද අපේ රටට ඕන කරන්නේ විහිලුකාරයෙක් නෙමෙයි. අපේ රටට ඕන ජාතික ආරක්ෂාවට වග කියන‚ රටේ විනය හදන්න පුළුවන්  නායකයෙක්. ජනාධිපති අපේක්ෂකයන් අතර ඒ සදහා එකම සුදුස්සා ගෝඨාභය මහතා පමණයි. ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා  ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැප වී කටයුතු  කළ යුතුයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ  සභාපති පද්ම කුමාර අරංගල්ල‚ මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මන්ත්‍රීවරුන්  මෙහි දි කථා කළහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකකගේ පුත‍්‍රයන් දෙදෙනාම පාස්කු දිනයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බව තහවුරුයි..
ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකකගේ පුත‍්‍රයන් දෙදෙනාම පාස්කු දිනයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බව තහවුරුයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjauL4sQnrK4gAPX-EzW3AfJGvYv_5rd-eOD8NzbKFZAROUAv2ViVaki66yjW8-9NwlzDHo6pns0J_DQaGiIjOFVap1EFUOzcXh7tczOvKWJoZQ4738E-qYIazRRyYEFjWorsbdcEPX4C51/s320/prasanna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjauL4sQnrK4gAPX-EzW3AfJGvYv_5rd-eOD8NzbKFZAROUAv2ViVaki66yjW8-9NwlzDHo6pns0J_DQaGiIjOFVap1EFUOzcXh7tczOvKWJoZQ4738E-qYIazRRyYEFjWorsbdcEPX4C51/s72-c/prasanna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_735.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_735.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy