එ ළඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දෙන බව ප්‍රගතිශීලි දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්...
එළඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දෙන බව ප්‍රගතිශීලි දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් පවසනවා. අද (14) මඩකළපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එසේම අරුණ ජනතා පෙරමුණද ඉදිරි එළඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පෙරමුණේ සහය ලබා දීමට තීරණය කර කිබෙනවා. ඊයේ (13) හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අරුණ ජනතා පෙරමුණේ නායක කේ.ආර්.ක්‍රිෂාන් මේ බව කියා සිටියා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන්නේ කුමන අපේක්‍ෂකයාටද යන්න දෙමළ ජාතික සන්ධානය එළඹෙන සතිය මැදදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි වාර්තා වුනේ.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මීට පෙර දෙමළ ජාතික සන්ධානය අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වූ අතර මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු විවිධ මත ඉදිරිපත් කිරීම හේතුවෙන් එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වුනා.
කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ එළඹෙන සතියේ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවට පෙර එම සන්ධානයේ නියෝජිතයින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමග සාකච්ඡා කිරීමටද අවස්ථාවක් ඉල්ලා ඇති අතර ඒ උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඔහු දක්වන මතය පිළිබද විමසීම සඳහා බවයි වාර්තා වුනේ.

COMMENTS