එ ළැඹෙන ජනාධිපතිවරණය තමා ජයග්‍රහණය කිරීමෙන් පසු රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බව නව ප්‍රජාතන්ත්...
එළැඹෙන ජනාධිපතිවරණය තමා ජයග්‍රහණය කිරීමෙන් පසු රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ගාලුමුවදොරදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු රැළිය අමතමිනි.
සිය කතාව ආරම්භ කරමින් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන්ම පසුගියදා ශ්‍රී මුඛය යැයි සඳහන් කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලුවේ ය.
පසුව ඔහු පවුල්වාදය හා මිලිටරිවාදය කරපින්නා ගත් නායකත්වයක් රටට අවශ්‍ය නොමැති බවට ප්‍රකාශයක්ද කළේය.
ප්‍රේමදාස මහතා සිය රජයක් තුළ දූෂණයට හා වංචාවට ඉඩ නොතබන බවද පැවසීය.
සමෘද්ධියට අමතරව තවත් සහන පැකේජයක් ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, එම වගකීම ද සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවයි.
මේ අතර, රැළියෙන් පසුව ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය හිමිවීමට පෙර එම පාර්ශවයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කළ අජිත් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් දක්වා ඇත්තේ සජිත්ගේ ආරම්භක රැළිය දේශපාලන ඉතිහාසයේ දැවැන්තම ප්‍රචාරක රැළිය බවයි.

COMMENTS