බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී මෙරටට කැඳවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්...
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී මෙරටට කැඳවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද (26) යුද හමුදාපතිවරයා හමුවීමට නියමිතය.
යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ අද දිනයේ බ්‍රිගේඩියර්වරයා මුණ ගැසී විශේෂ සාකච්ජාවක නිරත වන බවයි.
පසුගිය කාල සීමාව තුළ කතා බහට ලක්වූ සිද්ධීන් පිළිබදව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් යුද හමුදාව වෙත කරුණු පැහැදිලි කිරීමට නියමිත බවද වාර්තා වේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට කැඳවනු ලැබුවේ ඔහුගේ ආරක්ෂාව සඳහා බව යුද හමුදාපතිවරයා පසුගියදා පැවසීය.
COMMENTS