කැබිනට් සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
කැබිනට් සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී පවතින දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවට ලක්ව තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ පරාජය මැතිවරණය මෙහෙය වූ සියලු දෙනා භාරගත යුතු බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තමාට චෝදනා කරන පුද්ගලයින් අදාළ චෝදනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසී ය.
පළාත් පාලන මැතිවරණයේ සියලු බලතල ලබාදී සියලු කටයුතු මෙහෙයවූවේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා බවත් මාධ්‍ය අංශයේ වැඩ සහ ප්‍රචාරක වැඩ කලේ අමාත්‍ය අනුර යාපා මහතාත්, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාත් බැවින් ඔවුන්ද පක්ෂයේ පරාජය බාර ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
කොන්ද කෙලින් තියාගෙන තැන් තැන්වල දොඩවන්නේ නැතිව මධ්‍යම කාරක සභාවේදී කතා කළ යුතු බවද දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS