ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අ...
ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය.
ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තු අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු ඩුබායි බලා ගියහ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ද ඊට සහභාගී වීමට නියමිතව තිබුණත් පසුව ඔහු එයින් ඉවත් විය.
වසර 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් මිග් 27 ගුවන් යානා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරගෙන යන පරීක්ෂණයකට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවශ්‍ය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.
COMMENTS