ඉ දිරි ජනාධිපතිවරණය සදහා වන ප‍්‍රචාරක කටයුතුවලදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කිසිදු වේදිකාවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක් නොවන ...
ඉදිරි ජනාධිපතිවරණය සදහා වන ප‍්‍රචාරක කටයුතුවලදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කිසිදු වේදිකාවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක් නොවන බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා දිනවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාදීපතිවරණ කාල සීමාවේදී ස්වාධීනව කටයුතු කරන බවත් එම කාල සීමාවේ සභාපති ධුරයේ කටයුතු ආවරණය කිරීමට රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පත් කර ඇති බවත් ඔහු පැවසීය.
ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ශ‍්‍රීලනිපය රට පුරා ජනහමු 500කට වැඩි ප‍්‍රමාණයක් සංවිධානය කර ඇති බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS