ශ්‍රී ලංකා බලධාරීන් හදිසි නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම හෙළාදකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂඥයන් ඊයේ (08) නිවේද...
2022 අප්‍රේල් 02 වැනිදා සිට හදිසි නීතිය සම්මත කරගෙන දිගින් දිගටම එම නෛතික ප්‍රතිපාදන භාවිත කිරීම සම්බන්ධව දැඩි අවධාරණයකින් යුතුව එම කවුන්සිලය අදාළ නිවේදනය නිකුත් කර ඇත.
එමගින් ඔවුන් අවධාරණය කරන්නේ ජාත්‍යන්තර නීතිය යටතේ හදිසි අවස්ථා බලතල භාවිත කිරීම සඳහා වූ අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා නොමැති බවයි.
එම නිවේදනයේ උපුටාගත් කොටසක් පහත දැක්වේ.
‘පසුගිය ජුලි 15 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී රට හැර ගියේ කොළඹ සහ දිවයින පුරා මාස ගණනාවක් පැවැති මහජන විරෝධතාවලින් පසුවය. ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 17 වැනි දින රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ‘කරදර ඇති කරන්නන්ට’ එරෙහිව දැඩි පිළිවෙතක් ගන්නා බවට ප්‍රතිඥා දෙමිනි.
එතැන් සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2022 ජූලි 27 වැනි දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ ආරක්ෂක හමුදාවන්ට සහ හමුදාවට පුළුල් සහ අභිමතය පරිදි බලතල ලබාදීමේ ආඥාපනත අනුමත කරීම සිදුකරඇත. එවැනි බලතල ඔවුන්ට අධිකරණ අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබාගැනීමට සහ පෞද්ගලික දේපළ සෙවීමට ඉඩ සලසයි.
හදිසි ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම රජයට අපගේ කනස්සල්ල යොමුකළ නමුත් ඉන් ඵලක් නොවීය. සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝණය කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග මෑතදී සහ අඛණ්ඩව අපයෝජනය කිරීම අපි හෙළා දකිමු.’
තවද වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් විසින් ලේඛනගත කරන ලද ශ්‍රී ලංකාවේ හදිසි බලතල දීර්ඝ කාලීනව අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ විශේෂඥයන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
– lankasara

COMMENTS