ම හත්මා ගාන්ධි තුමාගේ 150 වන ජන්ම දිනය සැමරුම් උත්සවය මාතලේ මහත්මා ගාන්ධි ජාත්‍යාන්තර මධ්‍යස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන...
මහත්මා ගාන්ධි තුමාගේ 150 වන ජන්ම දිනය සැමරුම් උත්සවය මාතලේ මහත්මා ගාන්ධි ජාත්‍යාන්තර මධ්‍යස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විචිත්‍රාංග රැසකින් සමන්විත වූ මෙම සැමරුමේදී අදහස් දක්වමින් මධ්‍යම ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා :
මහත්මා ගාන්ධිතුමන් සමාජයට දායාදා කළ කරුණු අදටත් වලංගුයි. අවිහිංසාවාදී ප්‍රතිපත්ති පදනම් කරගනිමින් තම මෙහෙය තම රටට දැයට පමණක් සීමා නොකර ලෝකය පුරා එම දැනුම බෙදාදෙමින්, නිවැරදි මාර්ගය පෙන්වීමට එතුමා උත්සාහ ගත්තා. 1927 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන එතුමා, මාතලේටත් පැමිණෙනවා. එමෙන්ම අධ්‍යාපනයේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉහල නැංවීම සදහා පාසල් ඉදිකිරීමටත් ගාන්ධි තුමා පියවර ගන්නවා. ගාන්ධිතුමන් එදා මුල් ගල් තැබූ පාසලක් තමා අද මධ්‍යම පළාතේ දෙවන තැනට විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාතිබෙන්නේ. නමුත් පළාතක් විදිහට අප අධ්‍යාපනය නගා සිටුවීමට මීට වඩා උත්සාහ ගත යුතුයි.
මම ආණ්ඩුකාරවරයා විදිහට මධ්‍යම පළාතට එනකොට ගුරු පුරප්පාඩු 2200ක් තිබ්බා නව පත්වීම් 891 ක් වහාම ලබාදෙන්න මම පියවර ගත්තා එයිනුත් වැඩිම ප්‍රමාණයක් දමිල භාෂා ගුරුවරුන්. මේ පළාතේ තියෙන විශාලතම ගැටලුවක් තමා අල්ලස් ගැනීම. පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේදී අල්ලස් ගැනීම මා සම්පූර්ණයෙන් නවත්වනවා නවත්වනවාමයි.
මා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කිරීමේදි ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කළ බව ඔබ දන්නවා. දූෂිත පාලකයින් මාආරක්ෂා කරන්නේ නෑ. මේ මැතිවරණ කාලයක් මැතිවරණ කොමිෂම විශාල මෙහෙයක් සිදුකරනවා. නමුත් විනය පරීක්ෂණයක් තිබෙන නිලධාරියෙක්ට විරුද්ධව මා ගත් පියවරක් සම්බන්ධව ඔවුන් ක්‍රියා කල ආකාරය පත්තරේ තියෙනවා. මැතිවරණ කොමිසමේ මෙහෙය මා අගය කරනවා. ඔවුන්ට ඡන්ද පවත්වන්න පූළුවන් වූවත් දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීම නොකළ යුතුයි. එසේ වීමෙන් ගාන්ධිතුමා අපේක්ෂා කළ සාක්ෂරතාවය අපට අත්පත් කරගැනීමට එය බාධවක් වනවා.
මෙම අවස්ථාවට සහකාර ඉන්දියානු මහා කොමසාරිස් දිරේන්ද්‍ර සිං, ඉඩම් සංරක්ෂණ හා සංවර්ධන සංස්ථා සභාපති අසේල ඉද්දවෙල , මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.
– රුක්මල් දුෂාන්ත

COMMENTS