පා ස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත යුතු බව ...
පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත යුතු බව දේශපාලඥයන් ප‍්‍රසිද්ධියේ කියා සිටිති.
කොළඹ පැවති මාධ්‍යහමුවකදී සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරන ලද්දේ ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි.
එසේ ඉල්ලා අස්වන්නේ නම් අදාළ කමිටු වාර්තාව වෙනස් කර විශ්‍රාම වැටුප් සහිතව විදේශ රටක තානාපති කමක් ලබාදෙන බවට හිටපු ජනාධිපතිවරයා දැනුම් දුන් බව පූජිත ජයසුන්දර මහතා තමාට පැවසූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.
-lankacnews

COMMENTS