ඊ යේ පැවති ශ්‍රී ලංකා පොදුජන සංධානයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. එජාපයේ සාමාජිකයි...
ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන සංධානයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
එජාපයේ සාමාජිකයින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලන විට අපි සජිත්ට බය වුණේ නෑ. අපිත් කිව්වේ සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කියලා.
හැබැයි අනෙක් පැත්තෙන් අපේ ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අය ගෝඨා භය කියන රෝගයෙන් පෙලෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ මැතිවරණය තරගකිරීම නැවැත්වීම සදහා කළ හැකි සෑම දෙයක්ම මේ ආණ්ඩුව කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන්, 2015 පෙබරවාරි මස ඇවන්ට්ගාඩ් නැව අත්අඩංගුවට ගත් මොහොතේ ඉදන්, මේ දක්වා ආණ්ඩුවේ එකම ව්‍යාපෘතිය වුනේ 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තරග කිරීම වලක්වා ගැනීමයි. ගෝඨාභය මැතිතුමාට නඩු දානවා. දාන දාන නඩුව අධිකරණය ඉවත දානවා. නැති නම් අත්හිටුවනවා. නමුත් එජාපය නඩු දාන එක නම් නතර කරලා නෑ.
පසුගිය සිකුරාදා එන්ජීඕ කාරයන් දෙදෙනෙකු එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව නඩුවක් පැවරුවා. අද (සැප්තැම්බර් 30) අභියාචනා අධිකරණය විසින් එම නඩුව දෙවැනිදා සහ තුන්වෙනිදා සවස්වරුවේ විභාග කිරීමට තීරණය කර තිබෙනවා. අපි දන්නවා හත්වැනිදා නාමයෝජනා. තුන්වෙනිදා හවස් වන තුරු නඩුව අහලා හතර වැනිදා තීන්දුවක් දුන්නොත් කියලා රටේ ජනතාවට බියක් ඇති වෙන්නට ඉඩ තියෙනවා. අපේ තෝරා ගැනීම වන, සමස්ත ජාතියේ සාතිශය බහුතරයේ තෝරාගැනීමවන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දෙන්න බැරි වේවි දැයි ජනතාව තුළ බියක් ඇති වෙන්නට පුළුවන්. එන්ජීඕ කාරයන් දෙදෙනෙක් හිටියට, ලස්සනට නාට්‍යයේ පිටපත ලියා තිබුනට හැමදාමත් කට වරද්දා ගන්නා රාජිත සේනාරත්න ඇමැතිතුමා ඊයේ ප්‍රකාශ කළා මාධ්‍ය ඉදිරියේ මෙය එක්සත් ජාතික පක්ෂය පැවරූ නඩුවක් බව. එක්සත් ජාතික පක්ෂය මේ නඩුව පවරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වුණොත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයග්‍රහණය කළ නොහැකි වන නිසා කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නවත්වා ගත යුතුයි කියන බලාපොරොත්තුවෙන්. මේ නඩුව පදනම් විරහිත නඩුවක් බව තමුන්නාන්සේලාට පැහැදිලි කිරීම අපේ පාර්ශවයේ වගකීමක් වෙනවා
2003 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඒ සමගම ලංකාවේ නීතියට අනුව ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. ඒ අනුව 2005 නොවැම්බර් 21 දින නැවත ලංකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඒ පුරවැසිකම ලබා ගත් සහතිකය තමා මේ තිබෙන්නේ. 2005 නොවැම්බර් 21 දින අමාත්‍යංශ ලේකම් වෙනුවෙන් අතිරේක ලේකම් වරයෙක් අත්සන් කර තිබෙනවා. රටේ ජනපති විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ සහතිකයට අත්සන් තබා තියෙනවා. පෙත්සම්කරුවන් කියන්නේ 2005 වසරේ දී නව ඇමති මණ්ඩලය පත් කලේ නොවැම්බර් 22 දා. ඇමතිවරු පත් කරන්න කලින් ලේකම්වරුන් පත් කරන්න කලින් ඇමතිගේ නිර්දේශය අරන් ලේකම් අත්සන් කරලා ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කලේ කොහොමද කියන එක තමයි මේ නඩුවේ පදනම. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකාවේ පුරවැසියෙකු නොවන බවට ප්‍රකාශ කරන මෙන් අධිකරණයෙන් ඉල්ලමින් මේ නඩුව ගොනු කර තිබෙන්නේ.
ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පැවරුවේ නැති සෑම විෂයක්ම ජනාධිපති යටතේ තිබෙන බව 19 වන සංශෝධනයට කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා. “ ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම පවරා ගැනීම කළ හැකි අතර මේ ව්‍යවස්තාවේ පළමුවන අනු ව්‍යවස්තාවේ විධිවිධාන යටතේ හෝ 45වන ව්‍යවස්තාවේ පළමුවන අනු ව්‍යවස්තාවේ විධිවිධාන යටතේ හෝ යම් අමාත්‍යවරයකුට පවරනු නොලැබූ යම්කිසි විෂයයක් හෝ කාර්යයක් භාරව සිටිය යුත්තේය. තත්කාරය සදහා තමා භාරයේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීම ද කළ හැක්කේය. ඒ අනුව එම විෂය හෝ කාර්ය පවරනු ලැබූ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් කිසි ලිඛිත නීතියක හෝ ඇති සඳහනක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඇති සදහනක් එලෙස කියවා තේරුම් ගත යුත්තේය.” ලෙසින් එහි සඳහන් වෙනවා. මින් මොකක්ද කියන්නේ. ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පත් කර නැතිනම් ඒ සියලුම අමාත්‍යංශයටික සියලුම විෂයයන්ටික හා සියලුම ආයතන ටික තියෙන්නේ ජනාධිපතිවරයා යටතෙයි. ඒ නිසා 2005 නොවැම්බර් 21 දින වන විට සෑම අමාත්‍යාංශයකම ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම සෑම අමාත්‍යාංශයකම ලේකම් ජනාධිපති ලේකම්. ඒ නිසා ලේකම් වෙනුවෙන් කියා අතිරේක ලේකම් අත්සන් කරන විට ඔහු අත්සන් කලේ ජනාධිපති ලේකම් වෙනුවෙන්.
ඇමෙරිකාවේ පුරවැසියෙකු වී සිටින විට ලංකාවේ ජනාධිපතිවරයා මෙන්න මේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරනවා. එහෙම නම් 2005 නොවැම්බර් 21 දින සිට ගෝඨාභය මැතිතුමා ලංකාවේ පුරවැසියෙක්. 2019 මැයි 3 දා මෙන්න මේ ඇමෙරිකානු පුරවැසිකම අහිමි වීමේ සහතිකය ඇමෙරිකානු ආණ්ඩුව නිකුත් කරනවා. මේ සහතික දෙක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීම මත අද අපි මාධ්‍ය වලට නිකුත් කරනවා. එජාපය කිව්වෙ මෙහෙම සහතික නෑ කියලයි. එජාපයේ මේ සහතික නැතැයි නැතැයි කියලා හඬා වැටෙන මන්ත්‍රීවරුන්ටත් අනේ ඉල්ලුවොත් ලෝබ හිතන්නේ නැතුව මෙහි ඡායා පිටපතක් ලබා දෙන්න.ඉහළ සිට පහළට පහල සිට ඉහලට අධ්‍යයනය කර බලලා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ ඥාණය කියලා තියනවානේ. ඉන්ද්‍රියන්ගෙන් දැකලා තේරුම්ගන්න එජාපයේ අයටත් මේක ලබාදෙන්න. එහෙම නම් 2019 මැයි 3 දින සිට එතුමා තව දුරටත් ද්විත්ව පුරවැසියෙකු නොවේ. ඇමෙරිකානු පුරවැසියෙකු නොවේ. පුරවැසිකම තිබෙන්නේ ලංකාවේ පමණයි.
මේ වගේ බොරු නඩු පවරලා අධිකරණය දේශපාලනිකරණය කිරීමට මේ ආණ්ඩුව දරණ උත්සාහය පරාජය කරන්න පෙරට එන්න කියා පක්ෂ භේදයෙන් තොරව අපි ලංකාවේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අධිකරණයේ ගෞරවයයි විනාශ කරමින් තිබෙන්නේ. හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මැතිතුමා, වැඩතහනමට ලක්වූ සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මැතිනිය වැනි අය තමන්ගේ ප්‍රකාශ හරහා පිලිගන්නවා තමන් එම තනතුර දරද්දී නීතිය නමන්නට, නීතිය කඩන්න, නීති හදන්න, දේශපාලඥයන්ගෙන් බලපෑම් එල්ල වූ බව. අධිකරණයේ කන්‍යාවේ ඉතාමත්ම කැත විදියට එක්සත් ජාතික පක්ෂය දූෂණය කරමින් සිටිනවා කියන එකට තවත් කදිම නිදසුනක් තමයි මේ නඩුව. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කැමති අයට එතුමාට ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙන්න තිබෙන අයිතියම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කැමති අයට එතුමාට ඡන්දය දෙන්න තිබිය යුතුයි. තමන්ගේ ප්‍රතිවාදියා සමග මුහුණට මුහුණ සටන් කරනවා වෙනුවට මෙවැනි කකුල් මාට්ටු දාලා තමන්ගේ ප්‍රතිවාදියා ඡන්ද සටනින් එළියට ඇදලා දමන්නට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැජ්ජා නැද්ද කියලා අපි එතුමාගෙන් ප්‍රශ්න කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමනි මේ හිරිකිත ක්‍රීඩාවට ඔබ සම්බන්ධ නැතිනම් රාජිත සේනාරත්න ඇමැතිතුමාලා අධිකරණය ද දූෂණය කරමින් ඔබේ ප්‍රතිවාදියාව ඡන්ද බිමෙන් ඉවත් කිරීමට දරන වෑයම හෙළා දැකලා ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට අභියෝගයක් නිකුත් කරනවා.
– අරවින්ද අතුකෝරල

COMMENTS