හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව පොලිස්පති නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (07) පස්වරු 4 සිට හෙට (08) පස්වරු 4 දක්වා කාලය තුළ රජය වි...
හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව පොලිස්පති නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (07) පස්වරු 4 සිට හෙට (08) පස්වරු 4 දක්වා කාලය තුළ රජය විසින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව රජයද නිවේදනය කරයි.
සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස සියලු දෙනාගෙන්ම රජය ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කොට ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
මේ වන විට පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් මහනුවර සහ අවට ප්‍රදේශවලට යොදවා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණදෙන නිලධාරි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සඳහන් කර ඇත්තේ ප්‍රදේශයට අවශ්‍ය උපරිම ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක්ද අදාළ ප්‍රදේශයට පිටත් කර හැරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.
ඒ අනුව එම නිලධාරීන් අද උදෑසන සිට සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඇති වූ කලහකාරී සිද්ධිය පිලිබඳව මේ වන විට ඔවුන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
COMMENTS