මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අලුතින් ඇරඹි ඊ මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි තිස් හයක් වැය කර නාරාහේන්පිට ප...
මෙම DMT/H/DE/SO/CON දරන ටෙන්ඩරය අනුව උපදේශන සේවා ලබාගැනීමට රජයේ ආයතන දෙකක් තිබියදී පෞද්කලික ආයතනයක් තෝරාගෙන ඇති බවත් ඒ සඳහා එක් කෝටි අසූ හය ලක්ෂයක් (ලක්ෂ 186ක්) ගෙවීමට තීරණය කර ඇති බවත් එහි සේවකයෝ පෙන්වා දෙති.
මෙම ටෙන්ඩරයට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) ඇතුළු ආයතන එකොළහක් ලංසු ලේඛන ඉදිරිපත් කර ඇත. රාජ්‍ය ආයතනවලට සැපයීම වෙනුවට මෙම ටෙන්ඩරය පෞද්ගලික ආයතනයකට ලබාදී ඇතැයි දෙපාර්තමේන්තු සේවකයෝ පෙන්වා දෙති.
කාර්යාල තුනක ගොඩනැගිලි අලුත්වැඩියාවට රුපියල් කෝටි තිස්හයකුත් උපදේශන සේවා සැකසීමට රුපියල් ලක්ෂ එකසිය අසූහයකුත් බැගින් මහජන මුදල් කාබාසිනියා කිරීමට ඉහළ නිලධාරීන් කිහිප දෙනකු එක්වී සැලසුම් කරන බවද මේ අතර වාර්තා වේ.
(අරුණ)
COMMENTS