දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 11ට අවසන් - ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෝ 41ක් !
Homeප්‍රවෘත්ති

නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 11ට අවසන් - ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෝ 41ක් !

PropellerAds

ජ නාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකයන් 41 දෙනකු ඇප තැන්පත් කර ඇත. තරග කරන  අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පතු භාර ගැනීම ඊයේ (06 දා) මධ්‍යහ්න 12.00...

තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට - මිල ගණන් මෙන්න (VIDEO)
මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපිය ඉරා දමයි (VIDEO)
ඒකාබද්ධ විපක්ෂය හා අගමැති අතර මැතිසබේදී ඩීල් එකක්?
නාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකයන් 41 දෙනකු ඇප තැන්පත් කර ඇත. තරග කරන  අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පතු භාර ගැනීම ඊයේ (06 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් විය.

පිළිගත් දේශපාලන පක්‍ෂ වලින් අපේක්‍ෂකයින් 19 දෙනකු ඇප තැන්පත් කර ඇති අතර ස්වාධීනව අපේක්‍ෂකයන් 19 දෙනකුද ලියාපදිංචි නොවූ පක්‍ෂ වලින් අපේක්‍ෂකයන් 03 දෙනකුද ඇප තැන්පත් කර ඇත.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා උතුරු පළාත් හිටපු මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් හා සබරගමුව පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් යන මහත්වරුද ඊයේ ජනාධිපතිවරණයට තරග කිරීමට ඇප තැන්පත් කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ හා සැසඳීමේදී වැඩිම අපේක්‍ෂකයන් ගණනක් තරග කිරීම මෙවර සිදුවෙයි. මෙතෙක් වැඩිම අපේක්‍ෂකයන් ප‍්‍රමාණයක් තරග කර ඇත්තේ ඉකුත් 2010 ජනාධිපතිවරණයේදීය. එහි අපේක්‍ෂකයන් ගණන 22 කි.

අපේක්‍ෂකයින් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය සකස් කිරීම වෙනුවෙන් වෙනත් මැතිවරණ වලට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

දේශපාලන පක්‍ෂ වලින් ඇප තැන්පත් කර ඇති අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

අජන්තා පෙරේරා (ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය), සමන් පෙරේරා (අපේ ජන බල පක්‍ෂය), ගෝඨාභය රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ), ආරියවංශ දිශානායක (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය), බැද්දෙගමගේ නන්දිමිත‍්‍ර (නව සම සමාජ පක්‍ෂය), වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ), ඒ. එස්. පී ලියනගේ (ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), සජිත් පේ‍්‍රමදාස (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ), ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය), අරුණ ද සොයිසා (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය), පි‍්‍රයන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්‍ෂ (ජාතික සමගි පෙරමුණ), සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙරමුණ).

ස්වාධීන අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැුක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, බෂීර් සේගු දාවුඞ්, මොහොමඞ් ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව විජේසිංහ, කුමාර වෙල්ගම, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, අහමඞ් හසන් අලවි, ගුණපාල තිස්සකුට්ටිආරච්චි, මහීපාල හේරත්

පිළිගත් දේශපාලන පක්‍ෂ නොවන පක්‍ෂ වලින් තිදෙනෙකි.

අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය), චමල් රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය), අජන්තා ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)

ශ‍්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම අද (07 වැනිදා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරේ.

නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිදුවෙයි. නාමයෝජනා පත‍්‍ර පිළිබඳ විරෝධතා භාර ගැනීම එදින පෙරවරු 11.30 දක්වා සිදුවන අතර ඉන්පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් පිළිගත් හා ප‍්‍රතික්‍ෂේපිත නාමයෝජනා පත‍්‍ර ප‍්‍රකාශයට පත් කරනු ලබයි.

නාමයෝජනා භාර ගැනීම සිදු කරන මැතිවරණ කොමිසමේ ශ‍්‍රවනාගාරයට අපේක්‍ෂාකයාටත් ඔහුගේ නාමයෝජනා පත‍්‍රය අත්සන් කළ තැනැත්තාටත් තවත් එක් අයෙකුටත් ඇතුළු වීමට අවසර හිමිවෙයි. ඊට අමතරව අපේක්‍ෂකයෙකුට තවත් පස් දෙනෙකු බැගින් එම ගොඩනැගිල්ලේ වෙනත් ස්ථානයක රැුඳී සිටීමට ඉඩ ලබාදී ඇත.

මෙවර මැතිවරණ කාර්යාලය ආසන්නයට කිසිදු ආධාරකරුවෙකුට පැමිණීමට ඉඩ ලබා දී නොමැති අතර ඔවුන්ට රැුඳී සිටීමට වෙනත් ප‍්‍රදේශ වෙන් කර ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මැතිවරණ කාර්යාලයේ ආරක්‍ෂාව ඊයේ (06 දා) උදෑසන සිට විශේෂ කාර්ය බළකාය යටතට පත්කර ඇති අතර අවට ආරක්‍ෂාවට අමතර පොලිස් නිලධාරීන් 1200 ක් පමණ යොදවන බවද කීය.

මේ අතර නාමයෝජනා පත‍්‍ර භාර දෙන අවස්ථාවේදීම සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම අපේක්‍ෂයන්ට දැනුම් දී ඇත.

රනිල් ධර්මසේන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 11ට අවසන් - ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෝ 41ක් !
නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 11ට අවසන් - ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෝ 41ක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhThzQNehFfDzThl51nDKFiP3uycYERFuh9r_uIsxkm6CevR8w81agqtMNm7pkIdGeoGMCFyfu_PwY6UkE0DOeImjuFCK5-qm5Jctt_Zt85cH88VdlwSxF83OeEoaCRmKCv8IxjpL7q0XLb/s320/c7fcb0c5af6886110dd6ab99da091326_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhThzQNehFfDzThl51nDKFiP3uycYERFuh9r_uIsxkm6CevR8w81agqtMNm7pkIdGeoGMCFyfu_PwY6UkE0DOeImjuFCK5-qm5Jctt_Zt85cH88VdlwSxF83OeEoaCRmKCv8IxjpL7q0XLb/s72-c/c7fcb0c5af6886110dd6ab99da091326_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/11-41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/11-41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy