අද පැවැති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පනත ඉදිරිපත් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය අද(11) පාර්ලිමේන්තුවේදී උද්ඝෝෂණයක් කළේය. ඒ අතරතුර ආණ්ඩුව...
අද පැවැති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පනත ඉදිරිපත් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය අද(11) පාර්ලිමේන්තුවේදී උද්ඝෝෂණයක් කළේය.
ඒ අතරතුර ආණ්ඩුව විවාදයකින් තොරව පනත සම්මත කර ගත්තේය. උද්ඝෝෂණයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සතුටු සාමීචියේ යෙදෙන අයුරු දැකගත හැකිවිය.
පාර්ලිමේන්තුව අද (11) දහවල් 12.30 ට හදිසියේ කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.
පාර්ලිමේන්තුවේ අද ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතුරුදන් වු තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසිමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අතෙහි හා ගෙළෙහි කළු පටි පැළඳ සභා ගැබට පැමිණ සිටියහ.
ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංවිධානය අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පනත පිළිබඳ ඡන්ද විමසිම හෙට පැවැත්වීමට එකග වී තිබිණි.
ඡායාරූප - ජවිපෙ
COMMENTS