එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානය මඟින් පවත්වනු ලබන කාන්තා වැඩමුළුවට තමන් සහභාගී නොවන බව පවසමින් එම පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන පළාත් ...
එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානය මඟින් පවත්වනු ලබන කාන්තා වැඩමුළුවට තමන් සහභාගී නොවන බව පවසමින් එම පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් පිරිසක් අද (11) එම ලිපි ඉරා දමමින් විරෝධතාවය දැක්වූවේය.
ඒ සම්බන්ධව අදහස් දැක්වීමට පැවති මාධ්‍ය හමුවකදී මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය කියාසිටියේ, "ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පළාත් පාලන සංසදයේ ලේකම්වරිය කාන්ති කොඩිකාර. ඒ අනුව අපගේ කිසිම එකඟතාවයක් ඇතුව කරන දෙයක් නෙවෙයි මේ කාන්තා වැඩමුළුව. ඒක නිසා අපි මේ වැඩමුළුවට සහභාගී වෙන්නේ නැහැ" බවයි.
එහිදී අදහස් දැක්වූ තවත් මන්ත්‍රීවරියක් ප්‍රකාශ කළේ තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින බවත් පක්ෂය විසින් එවා ඇති ලිපි ඉරා දමමින් තමන් මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කරන බවත්ය.
වීඩියෝව පහතින්.
COMMENTS