යාපනය අරියාලෙයි නෙඩුංකුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත වූවන් පිරිසක් ගමන්ගත් ට්‍රැක්ටරයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ...
නෙඩුංකුලම් ප්‍රදේශයේදී සිදු කරන ලද නීතිවිරෝධී වැලි ජාවාරමක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂකාරය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානය වටලා ඇති අතර එහිදී වැලි ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනෙකු පමණ පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් දැක ට්‍රැක්ටරයෙන් පලා යාමට උත්සහ දරා ඇත.
ට්‍රැක්ටරයෙන් පලායන පිරිසට නවතින ලෙසට නියෝග කල සිටියද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකු ට්‍රැක්ටරයේ රෝදවරට සිදු කල වෙඩි තැබීමකදී ට්‍රැක්ටර ධාවනය කරවූ රියදුරුගේ පාදයට වෙඩි පහරක් වැදී ඇති අතර එහිදී සෙසු ජාවාරම් කරුවන් පලා ගොස් ඇත.
එහිදි තුවාල ලැබූ රියදුරු අත්අඩංගුවට ගෙන යාපනය රෝහලට ඇතුලත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් පියවර ගෙන ඇති අතර වෙඩිපහරින් තුවාල ලබා ඇත්තේ 20 හැවිරිදි කේ.රජීවන් නැමති තරුණයෙක් වන අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අරඹා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS