සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුලු පොලිස් නිලධාරින් පහලොස් දෙනෙකු සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබා දී තිබේ. ජාතික පොලිස් ක...
සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුලු පොලිස් නිලධාරින් පහලොස් දෙනෙකු සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත සහ සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු විම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව කොළඹ උතුර කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.එල්.ජේ.ආර් ද සොයිසා මහතා පොලිස් විශේෂ කාර්යාංශය වෙත මාරු කර තිබේ.
ස්ථාන මාරුවිම් ලැබූ සෙසු නිලධාරින් අතර ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් තිදෙනෙකු සහ පොලිස් පරික්ෂකවරුන් 11 දෙනෙකු වන බව පොලිස් මූලස්ථානය පැවසීය.
COMMENTS