එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම ඉදිරි සතියක් - දින 10ක් අතර කාලය තුළ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී එහි තීරණය අනුව ස...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම ඉදිරි සතියක් - දින 10ක් අතර කාලය තුළ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී එහි තීරණය අනුව සිදු කෙරෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පෙරේදා (14) පැවති සජිත් පාර්ශ්වයේ සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ අතර රැස්වීමේදී ද එම සුළු පක්ෂ අවධාරණය කර තිබුණේ එජාපයේ සමඟිය ආරක්ෂා කරගත යුතුය යන්න බැවින් ඒ අර්ථයෙන් ගත් කල එම සාකච්ඡාව සාර්ථක බවයි ඒ මහතා සඳහන් කළේ.
"සාකච්ඡා සාර්ථකයි. ඒ කියන්නෙ සියලු දෙනාම බලාපොරොත්තු වුණේ එජාපයේ සමගිය. ඉතින් ඒ පැත්තෙන් බැලුවාම සාකච්ඡා සාර්ථකයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉතාමත්ම ඉක්මනින් රැස්වෙලා අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. තව සතියක් - දවස් දහයක් ඇතුළත මේ ප්‍රශ්නෙ අවසන් වෙනවා.
ලිච්ඡවි රජ දරුවන් වගේ සාමයෙන් රැස් වෙලා, සාමයෙන් සාකච්ඡා කරලා, සාමයෙන් විසිර යනවා. " යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (15) දිනයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
කෙසේවෙතත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ බහුතර බලය රනිල් වික්‍රමසිංහ මහතා සතුව පවතින හෙයින් ඔහුට අවශ්‍ය ආකාරයෙන් අපේක්ෂකයා නම් කිරීම සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

COMMENTS