ජනාධිපති ධූරය හරහා මෙරටට කිසි දිනක නිවැරදි නායකත්වයක් නොලැබුනු බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. කැළණිය ප්‍රදේශයේ පැවති විවෘත ...
ජනාධිපති ධූරය හරහා මෙරටට කිසි දිනක නිවැරදි නායකත්වයක් නොලැබුනු බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
කැළණිය ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපේ රටට මෙතෙක් මම හිතන්නේ නැහැ හරි නායකත්වයක් ලැබුණා කියලා. ජනාධිපති පුටුව හරහා රට පස්සටමයි ගියේ. ඒක හින්දා අපේ රටට අර මැලේසියාවේ ඉන්න ඩොක්ටර් මහතීර් වගේ සිංගප්පුරුවේ හිටපු ලී කාන් යූ සුන්දර ආඥාදායකයෝ කියලා ඒගොල්ලන්ට කියන්නේ. ඒ වගේ කෙනෙක් තමයි අපිට අවශ්‍ය. පුද්ගලික අනුශාසනාවකදී කියලා එකකදී කරලා තියෙනවා ඔබතුමා හිට්ලර් වගේ හරි රට පාලනය කරන්නකෝ කියලා. ඒ සෙල්ලම්නම් මේ රටේ සිද්ධ වෙන්න අපි තියන්නේ නැහැ. පැපිලියානේ ඉන්නවා අභේතිස්ස කියලා චිවරධාරියෙක්. උන්වහන්සේත් මම දැක්කා අද කියනවා ඒ හිට්ලර් විදියට රට පාලනය කරන්න කියපු එක හරිලු. අපි ඔය වගේ කතාවක් අපේ කටකින් වැරදිලා හරි ගියා නම් ඔය කට්ටියම තමයි රට වටේ දුවන්නේ මර හඬ දිදී.”
COMMENTS