විදුහල්පතිවරයකු නීති විරෝධී ලෙස ස්ථාන මාරු කිරීමෙන් උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා එම විදුහල්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බ...
විදුහල්පතිවරයකු නීති විරෝධී ලෙස ස්ථාන මාරු කිරීමෙන් උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා එම විදුහල්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද එම විදුහල්පතිට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන ලෙස උතුරු මැද මහ අමතිවරයාට නියෝග කළේය.
පේෂල ජයරත්න මහතා පාසලේ උත්සයකට පැමිණි අවස්ථාවේ විදුහල්පතිවරයා බුලත් දී ඔහු පිළිනොගත් නිසා නිවන්තක චේතිය විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න බණ්ඩාර මහතා ස්ථාන මාරු කළ බව කියමින් ඒ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.
එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊවා වනසුන්දර , සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල රජයට දැනුම් දුන්නේ තවත් රුපියල් 50,000ක වන්දියක් විදුහල්පතිට ගෙවන ලෙසයි.
COMMENTS