පා ර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිකිරීම සඳහා හිටපු නියෝජ්‍ය ඇමැති ලෙස එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඉදි...
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිකිරීම සඳහා හිටපු නියෝජ්‍ය ඇමැති ලෙස එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඉදිරිපත් කළ යෝජනාව පිළිගත්තේ කුමන පදනමක් යටතේදැයි කෝප් කමිටුව නගන ලද ප‍්‍රශ්න කිරීම හමුවේ අධ්‍යාපන බලධාරීහු ඊයේ (17 දා) නිරුත්තර වූහ.
හිටපු කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස හිස්බුල්ලා මහතා 2015.07.03 වැනි දින එම යෝජනාව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති බවත් එම කාලවකවානුව තුළ පාර්ලිමේන්තුව විසුරුවා තිබූ බවත් කෝප් සභාපති හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
2015.06.26 විසුරුවා හරින ලද 07 වන පාර්ලිමේන්තුව 08 වැනි පාර්ලිමේන්තුව සඳහා ආරම්භ කෙරෙන්නේ 2015.08.21 දින බවත් සභාපතිවරයා පැවසීය.
එසේ හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ අවස්ථාවක පෞද්ගලික කාරණයක් වෙනුවෙන් හිස්බුල්ලා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව විශ්වවිiාල ප‍්‍රතිපාදන කොමිසම පිළිගෙන ඊට අදාළ කාර්යයන් සිදු කර ඇත්තේ කුමන පදනමක් යටතේදැයි සභාපතිවරයා අධ්‍යාපන බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර සිටියේය.
2015.07.03 වැනි දින ඉදිරිපත් කරන ලද යෝජනාවෙන්් පසුව හිස්බුල්ලා මහතා 2015.07.06 වැනි දින ආයතනික සමාලෝචනයක් සඳහා රුපියල් මිලියනයක් තැන්පත් කර ඇති බවත් හඳුන්නෙත්ති මහතා කීය.
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් හිස්බුල්ලා මහතාගේ යෝජනාව සඳහා පිළිතුරු ලිපිය ලැබෙන්නේ 2015.07.07 වැනි දින බවත් මෙහිදී අනාවරණය විය.
මෙතරම් ඉක්මනින් එම ක‍්‍රියාවලිය සිදුවීම විමතිය දනවන කරුණක් බවත් කෝප් සභාපතිවරයා කමිටුව හමුවේ ප‍්‍රකාශ කර සිටියේය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඊයේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටියේය.
පාර්ලිමේන්තු කමිටු කාමර අංක 05 හි පැවැති කොප් කමිටුව සඳහා එහි සාමාජිකයන් වන අශෝක් අබේසිංහ, සුජීව සේනසිංහ සහ අනුර ප‍්‍රියදර්ශන යාපා යන මන්ත‍්‍රීවරුද සහභාගී වූහ.
දිවයින

COMMENTS