නී තිය සැමට සාධාරණ ව ඉටු වීමට ඉඩ හැරීම රජයක යූතුකම හා වගකීම වුව ද යහපාලන ආණ්ඩුව නීතියේ දෙවඟන නින්දිත ලෙස කෙළෙසා ඇති බවත් ,ඊට වග කිව යුත්තන්...
නීතිය සැමට සාධාරණ ව ඉටු වීමට ඉඩ හැරීම රජයක යූතුකම හා වගකීම වුව ද යහපාලන ආණ්ඩුව නීතියේ දෙවඟන නින්දිත ලෙස කෙළෙසා ඇති බවත් ,ඊට වග කිව යුත්තන් ළඟදීම හෙළිදරව් වනු ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසිය .
ජනතාව ආණ්ඩුවක් පත් කර ගන්නේ ආරක්‍ෂිත රටක නිදහසේ සතුටින් ජීවත් වීමට බව කී ඒ මහතා ,යහපාලනයට රට බාර දීමෙන් අද වන විට ජනතාවගේ එම බලාපොරොත්තු සුන් වී ගොස් ඇතැයි ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,දෙනියාය -විහාරහේන ,කුරුලුගල ,කොටපොළ ,වරල්ල ප්‍රදේශයන්හි ජනතාවගේ ආරාධනයෙන් ,රටේ වත්මන් දේශපාලන තත්වය ගැන සාකච්චා කිරීමට පැවැති සුහද හමු කීපයකට සහභාගී වෙමිනි .
එහිදී ඒ මහතා මෙසේද කීය .
” අද අප සිටින්නේ සිහි බුද්ධියෙන් රට ගැන බැලිය යුතු කාලයක .පාලකයන්ගේ ක්‍රියාකාරිත්වය නිසා රට විනාශකාරී තැනකට ඇද වැටිලා .නිසි ආරක්ෂාව සහිත රටක ,ශක්තිමත් ආර්ථිකයක් ,යුක්ති ගරුක හා සදාචාර සම්පන්න සමාජයක් ගැන විශ්වාසය තියල ජනතාව යහපාලන ආණ්ඩුව ගෙන ආවා .අද ඒ සියල්ල බිඳ වැටිලා . පාලකයන් වැඩ කරන්නේ විකෘති මනසින් . ජනතාවත් අන්ද මන්ද වෙලා . පාලකයන් හිතා මතාම මිනිස්සුන්ගෙ ඡන්ද බලය යටපත් කළා .මහින්ද රාජපක්‍ෂ මහත්තය එදා ඡන්ද තිබ්බෙ පෝලිමට .ඒක තමයි ජනතාවාදී ආණ්ඩුවක ලක්‍ෂණ .චන්ද්‍රිකා නෝනාගෙන් එදා මහින්ද මහත්තය රට බාර ගත්තෙ නැත්නම් අද අපට රටක් නෑ .
මුල සිටම යහපාලකයන් නීතියට ,යුක්තියට පයින් ගැහුවා .අද ඒ ගැන සාක්‍ෂි සහිතව එලියට ඇවිත් .පදනමක් නැති නඩු දාල රාජපක්‍ෂ වරුන්ගේ දේශපාලනය නතර කරන්න හැදුවා .ඒවාට සම්බන්ධ අය කවුද කියා ඒ අයගෙන් ම දැන් කියවෙන්න පටන් අරන් .
ජාත්‍යන්තරව ද කීර්තියක් අත් කර දුන් ” ඇවන්ට් ගාර්ඩ් ” මුහුදු අරක්ෂක සේවය නැති කළා .ඒකට එරෙහි ව නඩු පිට නඩු දැම්මා .එහි අරමුණ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තය හිරේ දා ගැනීමයි .හිරේ දාගත්තත් ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ ගෝඨාභය මහතා බව කවුරුත් දන්නවා .
” ඇවන්ට් ගාර්ඩ් ” අරක්ෂක සේවය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා විශ්වාසය දිනා ගත් ,අප රටට ආර්ථික වශයෙන් වාසි ගෙන දුන් ආයතනයක් .ඊට අදාළ නඩුවක් පැවරීම ගැන අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් වරිය දැන් දුක් වෙන හැටි ,හඬ පටයකින් එලියිට ඇවිත් .අද ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ තැනක ඉන්නෙ .ඇයගේ හෘද සාක්‍ෂිය කෑ ගාන්න පටන් අරන් .දේශපාලන බලපෑම් නිසා වරදක් සිදු වුණා කියනවා .ගෝඨාභය මහත්තයට නඩු දැමීම ගැනත් ඇය කනගාටු වෙනවා .සිල් රෙදි බෙදුව කියල කීර්තිමත් ජනාධිපති ලේකම් වරයකු වූ ලලිත් වීරතුංග මහතා හිරේ දැම්මා .ඒකත් එක්ක රාජ්‍ය සේවය අකර්මන්‍ය වුණා .මේකටද යහ පාලනය කියන්නෙ ?කෝ නීතියේ ආධිපත්‍ය?
නීතියේ දෙවඟන ඉන්නේ දෑතේ අසිපතක් හා තරාදියක් දරා ගෙන .එය විශ්වීය සංකේතයක් .දෑස් බැඳ ගත් ඒ දෙවඟන සංකේතවත් ව එහෙම ඉන්නෙ අපක්ෂ පාතිව ,නිවැරදි ලෙස ,යුක්තිය ඉටු කරන්නයි .යහපාලකයන් ඇයගේ අසිපත අවනීතිය දෙසට හරවා ගත්තා .ඇය කෙළෙසා දැම්මා .
විනාශයට ගිය රට ගොඩ ගැනීමේ මහා අභියෝගය ඉදිරියට එනවා .එහි වගකීම පැවරෙන්නේ පොහොට්ටුව සංකේතය කරගත් ජාතික ව්‍යාපාරයට .මහින්ද මහත්තයගෙ නායකත්වයෙන් බැසිල් මහත්තයගෙ මෙහෙයවීමෙන් එය දැන් පොදු ජනතා බලවේගයවෙලා .
නීතියක් -යුක්තියක් නැති මේ රට යහපත් තැනකට ගන්න ඕනෑ .ඇතැම් නායකයන් කියන බොරු නිසා වා තලයත් කම්පනයට පත් වෙලා .ආත්මාර්ථකාමී හැඟීම් ඇති දේශපාලඥයන්ට ජනතා ආශීර්වාදය ලැබෙන්නේ නෑ .පිරිහීම පටන් ගන්නෙ එතැනින් .තමන් වටා සිටින අයගේ නොව මහ සමාජයේ සිතුම්- පැතුම් තේරුම් ගෙන ක්‍රියා කළ යුතුයි .නිවැරදි දේ සුදුසු දේ කරන්න දේශපාලනඥයන් හැඩ ගැසෙන්නට ඕනෑ .ජනතාවගේ අප්‍රසාදය ඇති වන දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගන්න ඕනෑ .පාලකයා යුක්ති සහගත ලෙස හා සාධාරණ ලෙස වැඩ නොකළහොත් සිදු වන දේ ගැන මාඕ සේතුං කීවේ ” නුඹව සිංහාසනයට ගෙන ගිය ජනතාව ම නුඹව ඉතිහාසයේ කුණු කූඩයට ඇද දමනු ඇති ” බවයි .අද සමාජයට දේශපාලනයේ වෙනසක් ඕනෑ වෙලා .බොහොමයක් දේශපාලනඥයන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැති වීම අවාසනාවක් .
දැහැමි රාජ්‍ය පාලනයක් සමඟ දැහැමි සමාජයක් අප ඉක්මනින් බිහි කර ගත යුතුයි .නැති නම් දරු පරපුරේ අනාගතය අඳුරු වෙනවා .යැයි ද හෙට්ටිගේ මහතා කියා සිටියේය .
– Khmedia

COMMENTS