ඩෙල්ටා ප්‍රබේදය ආසාදනය වන්නන් හට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදය රෝග ඇතිවීමේ අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘදය චිකිත්සක ඒකකයේ විශේෂ...
ඩෙල්ටා ප්‍රබේදය ආසාදනය වන්නන් හට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදය රෝග ඇතිවීමේ අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘදය චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා අනතුරු අගවා ඇත.
එවැනි රෝගීන් 20 දෙනකුට පමණ ඉකුත් සතියේ සැත්කම් සිදු කළ බවද වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.
ඉන් බහුතරයක් අඩු වයස්වල පසුවන්නන් බවත්, බොහෝ දෙනකුට දියවැඩියාව, කොලස්ටරෝල් සහ අධි රුධිර පීඩන තත්ත්වයන් නොතිබූ බවත් වෛද්‍යවරයා සදහන් කොට ඇත.
මෙම තත්ත්වය පළමු සහ දෙවන කොරෝනා රැලිවලදී දක්නට නොලැබුණ තත්ත්වයක් බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කොට තිබේ.

COMMENTS