හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31වන දින හොරණ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු...
හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31වන දින හොරණ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.
මේ අතර අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුව වෙත අද(28) පෙරවරුවේ ගෙන ඒමට නියමිතව තිබේ.
ඒ අනූව අද පෙරවරු 10.30ත් 11.30ත් අතර කාලය තුළ අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ලෙස සියළුම මන්ත්‍රීවරුන් වෙත කථානායකවරයා ඇරයුම් කරන බව කථානායක මාධ්‍ය අංශය පවසයි.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
රත්නසිරි වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.
83 වන වියේ පසු වූ වික්‍රමනායක මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) අභාවප්‍රාප්ත විය.
COMMENTS