රාජ්‍ය ද්‍රෝහී කටයුතුවට නිරතවූ බව පවසමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිවුස් පුවත් වෙබ් අ...
මොවුන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් චෝදනා ඉදිරියට ගෙනයාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා නීතිපතිවරයා විසින් තවදුරටත් නඩුව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු නොවන බව අධිකරණයට දැන්වීමෙන් පසුව මොවුන්ව නිදහස් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මිරර් කර්තෘ කැළුම් ශිවන්ත, සුභාෂ් ජයවර්ධන, අජිත් සෙනෙවිරත්න, හිමාෂි කරුණාරත්න, තරිඳු රාජපක්ෂ, ශිරන්තනී මානවඩු, අසංක නිවන්ත සහ සිද්ධික් කාරියප්පර් යන මාධ්‍යවේදීන් පිරිස මෙසේ නිදහස ලැබීය.
මේ පිරිස 2012 ජුනි 29 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට අපහාස කිරීමේ සහ රාජ්‍ය ද්‍රෝහී කටයුතු වල නිරත වු බවට චෝදනා කරමිනි.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 115, 118, 120 යන වගන්ති යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මාධ්‍යවේදීන්ට එරෙහිව බී වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට තිබිණි.
කෙසේවුවද, දණ්ඩ නීති සංග්‍රහයේ 118 වැනි වගන්තිය ඒවන විට ද පාර්ලිමේන්තුව විසින් ඉවත්කර වසර 10ක් ගතවී තිබිණි.
මාධ්‍යවේදීන් වෙත මුලින් නඟා තිබු චෝදනා ඔප්පු කර ගැනීමට අසමත් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව ඔවුන් හට පරිගණක වල අසභ්‍ය ඡායාරූප තබාගැනීමේ චෝදනා එල්ල කළ අතර එය ද සනාථ කර ගැනීමට අපොහොසත් විය.
පසුව මේ නඩුව අතරවාරයේදී එලෙස අත්අඩංගුවට ගැනුන ශ්‍රී ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිවුස් මාධ්‍යවේදීන්ට නැවත නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙසත් එතෙක් ඔවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 2013 සැප්තැම්බර් 18 වැනිදා නියෝග කළේය.
එසේම මාධ්‍යවේදීන් සමග අත්අඩංගුවට ගැනුණ පරිගණක වල දෘඩ තැටි තබාගෙන අත්අඩංගුවටගත් පරිගණක මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරවයා ඒ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළත් මෙතෙක් එම පරිගණක මිරර් වෙත මුදාහැර නොමැත.
6 වසරකට පසුව යළි කැඳවම
කෙසේවුවද පසුව මේ සිද්ධියට අදාලව එම මාධ්‍ය වේදීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13-1, 14-1(A) හා 14-1 (G) යන වගන්තිවලින් කියවෙන කථා කිරීම, අදහස් පල කිරීම හා ප්‍රකාශනයේ නිදහස, තනිව හෝ කිහිපදෙනෙකු සමඟ තමුන් කැමැති වෘත්තියක් කිරීමේ අයිතිය හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේවන වි ට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතී.
නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙස වූ කොන්දේසිය මත ඇප ලබා සිටි මෙම මාධ්‍යවේදීන් පිරිස අද (20) නොතීසියිකට අනුව කැඳවා මේ තීන්දුව ප්‍රකාශ කරනු ලබුවේ වසර වසර 6කට පසුව වීමද විශේෂිතය.
යම්හෙයකින් අදාළ චෝදනා ඔප්පුවූයේ නම් අදාළ මාධ්‍යවේදීන්ට ජීවිතාන්තයදක්වා සිර දඬුවම් නියමවීමට ඉඩ තිබිණි.
මාධ්‍යවේදීන් වෙනුවෙන් (විත්ති පාර්ශවය) නීතීඥ මුසා ලයි හා නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටියහ.
COMMENTS