දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කතරගම වන්දනාවේ ආ අයෙකුට කොරෝනා.. කතරගමට දැඩි සීමා පනවයි.. පෙරහැර ශිල්පීන් කොරෝනා පරීෂාවට !
Homeප්‍රවෘත්ති

කතරගම වන්දනාවේ ආ අයෙකුට කොරෝනා.. කතරගමට දැඩි සීමා පනවයි.. පෙරහැර ශිල්පීන් කොරෝනා පරීෂාවට !

PropellerAds

ප සුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගැනීම හේතුවෙන්, ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය...

"රට ආදරය කරන ආණ්ඩුවක් හදන්න පුළුල් ජනමතයක් ගොඩනඟනවා" - රතන හිමි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දෙහිවල ව්‍යාපාරිකයෙකුට අරාබි බැංකුවකින් රුපියල් කෝටියක් !
එජාප අලුත් සන්ධානයනට නායකයන් 10ක්.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ එහිදීයි
සුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගැනීම හේතුවෙන්, ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය, එහි හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.

මෙලෙස කතරගම වන්දනාවේ පැමිණී ඇත්තේ රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකි.

ඔහු පසු ගිය 07 වන දා 20 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග කතරගම වන්දනාවේ පැමිණ, අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන, කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වන දින පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

එසේ ම, ඔහු සෙල්ලකතරගම හා අවට ස්ථාන කිහිපයකට ම ගොස් ඇති අතර පුද්ගලයන් රැසක් ද ඇසුරු කර තිබේ.

ඒ අනුව, මෙම කෝප්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

ඉදිරි දින කීපය තුළදී කතරගම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් හමු විය හැකි බැවින්, සෑම පුද්ගලයෙකු ම අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයන ලෙසත්, පුද්ගලයන් ඇසුරු කිරීම ඉතා ප්‍රවේශමින් සිදුකරන ලෙසත්, මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නීති උපදෙස් පිළිපදින ලෙසත් කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, මෙවර රුහුණු මහා කතරගම දේවාල පෙරහැර සඳහා සහභාගී වන ශිල්පීන් ආශ්‍රිතව අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව කළ විමසීමකදී දැනගන්නට ලැබිණි.

ඩී. එන්. ජයසේකර – මත්තල
– mawbima


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කතරගම වන්දනාවේ ආ අයෙකුට කොරෝනා.. කතරගමට දැඩි සීමා පනවයි.. පෙරහැර ශිල්පීන් කොරෝනා පරීෂාවට !
කතරගම වන්දනාවේ ආ අයෙකුට කොරෝනා.. කතරගමට දැඩි සීමා පනවයි.. පෙරහැර ශිල්පීන් කොරෝනා පරීෂාවට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSeGNQaylskR6gHptyVPAtZCykO-4eGIk5UURELwesNGvd37np_q5MdSyVML1NFd0mU3Ky0ekUQ6Yoxx-O1wZqfl82wCD_lhewwoQKQW4-p4iaNHV-Vn9j-oLenzWgzCYgEk267Ovs0JY/s320/katharagama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSeGNQaylskR6gHptyVPAtZCykO-4eGIk5UURELwesNGvd37np_q5MdSyVML1NFd0mU3Ky0ekUQ6Yoxx-O1wZqfl82wCD_lhewwoQKQW4-p4iaNHV-Vn9j-oLenzWgzCYgEk267Ovs0JY/s72-c/katharagama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_521.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_521.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy