ර ට ගොඩ නැගීමේ වැඩසටහන වෙනුවෙන් තමන් සමග යළි එක්වන්නැයි පක්‍ෂයෙන් ඈත් වූ සියළු දෙනාට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇර...
රට ගොඩ නැගීමේ වැඩසටහන වෙනුවෙන් තමන් සමග යළි එක්වන්නැයි පක්‍ෂයෙන් ඈත් වූ සියළු දෙනාට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇරයුම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින සියළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට මෙන්ම පක්‍ෂ නියෝජිතයින්ට ඇතුළු කි‍්‍රයාකාරීන්ට තමන් මෙලෙස ආරාධනා කරන බවයි.
විශේෂයෙන්ම පක්‍ෂයේ කි‍්‍රයාකාරිකයෙකු ලෙස කටයුතු කළ සහ අසීරුම අවස්ථාවලදී පක්‍ෂයට ශක්තියක් වූ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකටද ඒ සඳහා එක්වන ලෙස තමන් ආරාධනා කරන බවයි සජිත් පේ‍්‍රමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ තමන් එක්සත් ජාතික පක්‍ෂය හැර නොගිය බවත් පක්‍ෂයෙන් ඈත්වී පමණක් සිටි බවයි.
එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටි පාර්ශ්ව සමග එක්ව හෙට (25) දිනයේ තමන් මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් සිය මතය ප‍්‍රකාශ කරන බවයි ඔහු කියාසි ටියේ.

COMMENTS