දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ කැරැල්ල සහ අවසානය ‌කෙසේ විය හැකිද? සැඟවුණු අරමුණ ගෝඨාගේ නියත ජයග්‍රහණයද...? - විසල්ගේ විග්‍රහයක්
Homeප්‍රවෘත්ති

සජිත්ගේ කැරැල්ල සහ අවසානය ‌කෙසේ විය හැකිද? සැඟවුණු අරමුණ ගෝඨාගේ නියත ජයග්‍රහණයද...? - විසල්ගේ විග්‍රහයක්

PropellerAds

එජාපය මේ වන විට දැවැන්ත අභ්‍යන්තර බෙදීමකට ලක්වී ඇතිබව තවදුරටත් සැඟවිය යුතු නැත.  ප්‍රධාන පාර්ශවයන් දෙකක් සහ නිශ්ක්‍රීය කණ්ඩායමක් ඒ තුල අපට ...

පොලීසියෙන් සොයන පල්ලියේ භාරකරු මාධ්‍ය හමුවක් පවත්වා අටළුගම කාන්තාවගේ චරිතය හොදනෑ කියයි
රිෂාඞ් බදියුදීන් වැනි වහාබ් අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දෙන දේශපාලනඥයන් නැති ආණ්ඩුවක් හදනවා - විමල්
මහින්ද හරියට අණ දුන්නා.. ගෝටා හරියට පරිපාලනය කලා.. අපි හරියට වගකීම කලා.. එදා රටට සුපිරිි ආරක්‍ෂාවක් තිබුණා.. අද අන්තිමයි..- ෆොන්සේකා
එජාපය මේ වන විට දැවැන්ත අභ්‍යන්තර බෙදීමකට ලක්වී ඇතිබව තවදුරටත් සැඟවිය යුතු නැත.  ප්‍රධාන පාර්ශවයන් දෙකක් සහ නිශ්ක්‍රීය කණ්ඩායමක් ඒ තුල අපට දැක ගත හැකිය. රනිල් සමග ස්ථාපිත එජාපය එක් පැත්තකත් සහ සජිත්/ මංගල ප්‍රමුඛ අසංවිධිත කණ්ඩායම ප්‍රතිවිරුද්ධ පාර්ශවය ලෙසත් සැලකිය හැකිය.
නිශ්ක්‍රීය කණ්ඩායම ලෙස  කරූ, රන්ජන්, හිරුණිකා, මුජබර්, රංගේ තෙවරප්පෙරුම වැනි චරිත කිහිපයක් ඇතත් ඔවුන් ස්වාධීන ප්‍රවාහයක් ලෙස වැඩ කරන බව නිරීක්ෂණය නොවීම විශේෂයක්ය.  ඔවුන් ඇතුළු නිහඩ පිරිස බොහෝ විට තීරණාත්මක අවස්ථාවකදී නිළ කණ්ඩායමේ  පැත්ත ගනු ඇතැයි අනුමාන කළ  හැකිය.

ප්‍රධාන කණ්ඩායම් දෙකට සහාය පල කරමින් අවශේෂ පක්ෂ සහ සංවිධානද මේ වන විට ආනුෂාංගිකව පෙළ ගැසෙමින් සිටී. හකීම්, දිගම්බරම් සහ මනෝ පිරිස සජිත් හිතවාදී වන විට රාජිත රනිල් පැත්තේය. චම්පික සහ බදුර්දීන් නිශ්චිත ලෙස පැත්තක් නොගත්තත් ජයග්‍රාහී කණ්ඩායමට සිග්නල් දමන බවද පෙනී යයි.
වැදගත්ම නිරීක්ෂනය වන්නේ දෙමළ ජාතික සංධානයයි.  ඔවුන් පැත්තක් නොගෙන ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් ස්ථාවරයක සිටී. ජනවාරි 8 විප්ලවයට මුල් වූ සහ තීරණාත්මක වැඩ කොටසක් කළ සිවිල් සංවිධානද ඒ ආකාරයෙන්ම ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටින බවද සැලකිය යුතුය.

ප්‍රශ්නයේ ආරම්භය..
ගැටීම ආරම්භ වන්නේ පක්ෂයේ නිළ එකඟතාවයක් නොමැතිව සජිත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  කළ යුතු බවට අජිත් පෙරේරා, සුජීව, මංගල වැනි අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සජිත් එය අනුමත කිරීමත් සමගමය. සජිත් එජාපයේ ගැටුමක විෂයය වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂයේ නායකත්වයට විවිධ පුද්ගලයින්/ කණ්ඩායම් සමග ඔහු අභියෝග එල්ල කළ අතර සැමවිටම ඒවා යටපත් කර ගැනීමට රනිල් සමත්විය. ඒ සෑම අවස්ථාවකදීම සජිත් සමඟ සිටි පිරිස පක්ෂයෙන් ඉවත් වීමටද සිදුවිය. මේ අරගල වලදී සජිත් එළිපිට නායකත්වය ගෙන කටයුතු ක‌ෙළේ නැත. සිරිකොතට ගල් ගැසුවේ නැතුවා පමණක් නොව කුරුඳු පොලු පහර කෑවේද නැත. ඔහු අනුගමනය ක‌ෙළේ යටින් කුමන්ත්‍රණය කිරීමේ ක්‍රමයයි. මේ සෑම අරගලයක්ම තීරණාත්මක මැතිවරණයක් අභියසදී සිදු කිරීමද ඔහු තම ස්ථාවරත්වය පක්ෂය තුල රඳවා ගැනීමට සමත් වීම ද සැලකිය යුතුය. එවැනි අවස්ථාවල එජාපය මැතිවරණ පරාජය වීමට ද සජිත්ගේ එකී කුමන්ත්‍රණ බලපෑවේ ය.

නමුත් මේ වාරයේ සජිත් සහ ඔහු සමග සිටින නව පිරිස වෙනස්ම උපක්‍රමයන් භාවිතා කරන බව නිරීක්ෂනය කළ හැකිය. පළමුවරට සජිත් අරගලයේ මධ්‍යයට පැමිණ සිටී. ඔවුන්ගේ සටන පවත්වා ගෙන යන්නේද සාම්ප්‍රදායික ලෙස පක්ෂය ඇතුලේ නොවේ. අරගලය සහ සංවාදය පවත්වාගෙන යන්නේද එළියේ පාක්ෂිකයින් සමගය. නිළ පක්ෂ ජාලයෙන් පිට තම ශක්තිය පෙන්වා රටේ ජනතාව ඉල්ලන්‌නේ සජිත්ව පමනක් බව ඒත්තු ගන්වා ඔහුව අපේක්ෂකයා නොකර බැරි තරමේ පිඩනයක් රනිල්ට සහ එජා පෙරමුණේ අනෙක් පක්ෂ වලට දැනෙන්න හැරීම මූලික උපක්‍රමයයි. පළමු වටයේදී හැකිතාක් තම ප්‍රතිවාදී පාර්ශවය විවේචනය නොකිරීමත් ඇතිවිය හැකි ප්‍රතිවිරෝධයන් අවම කර ගැනීමටත්  ඔවුහු වග බලාගත්හ. ඊට අමතරව පක්ෂයෙන් පිට වෙනත් කණ්ඩායම් වල විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණේ අනෙක් පාර්ශවයන්ගේ සහාය ලබා ගැනීමටද ඔවුහු කටයුතු කළහ.

පක්ෂයේ තරුණ නායකයින් වන හරීන්, බුද්ධික, සුජීව වැනි ඇමතිවරුන්ගේත්,  මංගල, කබීර් වැනි ‌ජ්‍යෙෂ්ටයන්ගේත් මෙන්ම හර්ෂ, ඉරාන් වැනි බුද්ධිමත් යැයි ලේබල් කල ඇමතීන්ගේත් සහාය ලබා ගැනීමට හැකි වීම මගින් සජිත් පාර්ශවය කැපී පෙනෙන වර්ණවත් කණ්ඩායමක් බවට පත් කර ගැනීමට සමත් වී ඇත. පසුපෙළ සටන්කාමීන් වූ නලින්, හේෂා, ඉඳුනිල් වැනි අයගේද සහාය සජිත්ටය.

ප්‍රතිවිරෝධතාවයන්ගේ තෝතැන්නක්..
නමුත් සජිත් පිලේ  ඇති අසංවිධිත, ප්‍රතිපත්තිමය ප්‍රතිවිරෝධතා, පුද්ගලික න්‍යාය පත්‍ර සහ අභිලාශ මෙන්ම කුමණ්ත්‍රණකාරින් ගේ තෝතැන්නක් වීම දේශපාලණික වශයෙන් වඩාත් අවධාරණය කළ යුතුය.  මෙවන් කණ්ඩායමක ඒකාග්‍රතාවය ඉතා කෙටිය. කිසියම් තීරණාත්මක අවස්ථාවකදී බිඳී විසිරීයෑමට ඇති ඉඩකඩ ඉතා විශාලය.

සජිත් ආවේනිකවම ජනතාවාදීය. ඔහු නිරන්තරයෙන්ම ජනතා හඬ අනුව වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කරයි. විධායක ජනාධිපති ක්‍රමය, ආර්ථික මොඩලය, මාධ්‍ය නිදහස හෝ වෙනයම් නිශ්චිතව ප්‍රතිපත්තියක් ප්‍රකාශිත විය යුතු තැන ඔහු ප්‍රතිපත්තිමය අදහසක් දරන්නේ නැත. එසේම අන්ත සුභසාධනවාදීය. සියළු දේ නොමිලේ දීමට සූදානම්ය. මෙහි ආර්ථික ප්‍රතිඵලයන් ගැන අසංවේදීය. සජිත් පිලේ කිසිම කෙනෙක් විවෘතව පැමිණ ඉරාන්/ හර්ෂ/ මංගල පවා මේ ප්‍රතිපත්ති විවේචනය කරන්නේ නැත. මෙය කෘතිම තත්වයක් බව කිවයුතු නොවේ. රනිල්ගේ ප්‍රතිපත්ති සමඟ කෙලින් හැප්පෙන කිසිම කෙනෙක් සජිත්ගේ මෝඩපහේ යෝජනා සමඟ ගැටෙන්නේ නැත. යම් තීරණාත්මක තැනකදී 'සජිත් කෙලවා ගන්නවා නම්  කෙලවා ගනින්' යන ප්‍රතිපත්තියේ බොහෝ දෙනෙක් සිටින බව පෙනේ.

හරීන් සජිත්ට වඩා ආර්යාවට හිතැතිය. සුජීව, බුද්ධික සහ හර්ෂ ප්‍රසිද්ධ කිලි මහාරාජාවාදීන්ය. මහාරාජාගේ ‌ගෙවීම් ලැයිස්තුවේ අය ය. ඔවුන්ගේ නූල තියෙන්නේ කිලී අතේය. මලික් සහ කබීර්ව සජිත් පිළට ඇද දැමුවේ සිරිසේන ජනාධිපතිවරයා බව ප්‍රසිද්ධ කාරණයකි. යහපාලන රජයේ වඩාත් ආන්දෝලානාත්මක ඩීල්කරුවා මලික් ලෙස සැලකේ. රාජපක්ෂලා බලයෙන් විසිවෙද්දී ඔවුන් සතුව තිබූ රත්තරන් සංචිත ආරක්ෂාවට තැබුනේ මලික් ලඟය. ඒ බව දන්නා සිරිසේන ජනාධිපති එය ‌පෙන්වා මලික් බා ගත්තේ ය. පසුගිය දින කිහිපයේදී මඳක් යටගිය අජිත් පෙරේරා කෘතිම ලෙස සජිත් පිළට ඇද දැමූ චරිතයක් බවත් එම ඇද දැමීම කිසියම් අභිප්‍රේරණයක් අනුව සිදුවූ බවත් සැල වේ. නලීන් බණ්ඩාර, හේෂා, ඉඳුනිල් වැනි අය ප්‍රාදේශීය දේශපාලනයෙන් උඩට ඒමට තරම් පරිනත නැති පිරිසකි. පිරිස් බලය ගැන මිස ප්‍රතිපත්ති ගැන දැනීමක් හෝ සංවේදීතාවයක් ඇති අය ද නොවේ. සංගීත සංදර්ණයක්  සහ දේශපාලන වේදිකාවක් අතර වෙනස පවා දන්නේ නැත.

මංගල..
පුදුමයක් වන්නේ මංගලත් සජිත් පිලේ සිටීමය. මංගල  ලිබරල් වාදියෙකු ලෙස පෙනී සිටින්න දැඩි කැමැත්තක් දක්වන්නකි. ඔහු නිර්ආගමිකය. ලිංගික නිදහස මෙන්ම මත්පැන් බීමේ නිදහසද අගයන්නෙකි. ආර්ථිකය නිදහස් කිරීම වෙනුවෙන් පෙනී සිටී.  සුභසාධන ආර්ථිකය පිළිගන්නෙක් නොවේ. පසුගිය වකවාණුවේ රනිල් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි දැඩි රනිල්වාදියකෙු ලෙස ප්‍රචලිතය. ප්‍රතිපත්තිමය වශයෙන් මංගල වඩාත් කිට්ටු වන්නේ රනිල්ටය. වරක් සජිත් පිළට එලවා එලවා පහර දුන්නේද මංගලය. මහින්දගෙන් වෙන් වූ පසුව දේශපාලනයන් විසිවීමට නියමිතව සිටි මංගලව රැක ගත්තේද රනිල්ය. එකල මංගල නිතර කී කතාවක් වන්නේ රනිල් නැති යූඇන්පියක තමා ‌නොසිටින බවයි.

දාගැබ් 1500 ක් හදනවා යැයිද, මහණ වෙන කෙනෙක් සදහා ලක්ෂ 25ක්‍ දෙනවා යැයිද, රණවිරුවන්ගේ කකුල් ලඟට යනවා යැයිද, විධායකය අහෝසි කිරීමට දුන් ජනමතය දැන් අවලංගු යැයි ද ගෝඨා කීවේ නම් මංගලගේ ප්‍රතිචාරය අපට හිතාගත හැකිය. එකපිට එක ට්විටර් පාරවල් එහෙ මෙහෙ විසි‌ෙවෙනවා නොඅනුමානය. අතීතයේ සිට මංගල දේශපාලන තීන්දු වලට යන්නේ බලය පදනම් කරගෙනය. රනිල්ගේ 2002 ආණ්ඩුව පෙරලීමට මුල් වන්නේ මංගලය. 2005 මහින්ද බලයට ගෙන ඒමටත් ජවිපෙ මහින්ද සමග ඈඳා ගැනීමටත් මුල් වූයේ මංගලය. නමුත්  සජිත් වෙනුවෙන් පෙනී සිටීම මෙවැනි තර්කණයක් අනුව සිදු වන්නක් නොවේ.

එජාපයේ ශක්තිය බිඳ හෙලීම රාජපක්ෂ කඳවුරට වාසිදායක බව පැහැදිලිය. මංගල හදිසියේ සජිත්වාදී වීම සුවිශේෂිත පෙළඹවීමක් අනුව සිදුවිය යුතුය. මංගල දේශපාලනිකව අච්චුගත වුවෙකි. එම අච්චුව කඩාගෙන, දීර්ඝකාලීන දේශපාලන සම්බන්ධතා වනසාගෙන අංශක 180 ක් ආපස්සට කරණමක් ගහන්නට තරම් ප්‍රබල පෙළඹවීමක් තිබිය යුතුය.  මේ පෙළැඹවීම බාහිර බලවේගයක් විසින් සිදුකළා විය හැකි යැයි දේශපාලන අවකාශයේ සාකච්ඡා වෙමින් තිබේ.

මේ ජනාධිපතිවරණය චීනය සහ ඇමරිකාව අතර ඇති තරඟයේ පිළිබිඹුවක් බව ස්ථිරය. කබීර් සහ මලික්ගේ නැවත හැරීම සිරිසේනගේ ගේමක කොටසක් බව දැන් පෙනෙන්නට තිබුණත් මංගලව පහසුවෙන් ඒ කැටගරියට දැමිය නොහැකිය. ඇමරිකානු හිතවාදියෙකු වූ මංගල චීනය විසින් බා ගත්තා යැයිද  මංගලගේ ‌වෙනසට ‌හේතුව එය යැයිද මතයක් පවතී.

මංගල සිදු කරමින් සිටින්නේ තීරණාත්මක තැනකදී සජිත්ව ඇන්නවීමේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් බවට ද අදහසක් පවතී. මේ අතරේ මංගල තම විස්කි මිතුරන් සමඟ සජිත්ගේ ගොන් කතා නිතර හාස්‍යයට සහ උපහාසයට ලක් කරන බවද දැන ගන්නට ඇත. මංගල එදා සිට කටයුතු කරන්නේ තමන්ගේම වූ කණ්ඩායමක් සමග ය. ඒ ‌‌බොහෝ ‌දෙනා යූඇන්පී කාරයෝ ‌නොවෙති. මංගල පිලේද සජිත්ට සහාය දීමේ ඒකමතික බවක් නැති බවද ආරංචිය. මේ අතරේ මංගලගේ සැලැස්ම වන්නේ සජිත් හරහා එජාපය දුර්වල කර නැවත චන්ද්‍රිකා සමඟ ශ්‍රීලනිපයේ බලය ඇල්ලීම බවටද අදහසක් පවතී. කෙසේ නමුත් මංගල සජිත් පිලේ දකින්න ලැබීම එක්තරා ආකාරයක විකාරයක් බව නම් නොකියාම බැරිය. අන්ධයා වලට දක්කාගෙන යෑමට ද කෙනෙක් අවශ්‍යයය.

නැවත හැරීමක් නැත...
එජාපයේ බහුතර බලය සජිත් පිළ සතු බව අපගේ නිරීක්ෂණයයි. සජිත් ලබාගත් සාපේක්ෂ ජයග්‍රහණයෙන් අන්තයකට තල්ලු වී සිටී. ඒ ඔහු පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලැබුනත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කිරීමෙනි. ගුරාගේ අඩි පාරේ යමින් ගෝලයෝද “අලියා” ගෙන් බැරිනම් “කොරවක්කා” ගෙන් හෝ චන්දයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කරන්න යෙදුනේය. මේ ප්‍රකාශ මගින් අතරමැදි විසඳුමකට ඇති ඉඩකඩ බලවත් ලෙස සීමා වී ඇත.  ආපස්සට හැරීමට නොහැකි දුරක් ගිය කෙනෙකුට  හිමි වන්නේ ජයග්‍රණය හෝ විනාශය යන දෙකෙන් එකක් පමණි.

සජිත් සහ පිරිසගේ එකම මෙන්ම අවසාන ඉල්ලීම වන්නේ ජනාධිපති අපේක්ෂකත්වයයි. අපේක්ෂකත්වය පක්ෂය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතුව ඇත. එය අවසානයේදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  අනුමැතියට  යටත් විය යුතුය.  පක්ෂයේ නිළ සංවිධාන ජාලයෙන් පරිභාහිරව පවත්වාගෙන ව්‍යාපාරයක්  පක්ෂ අභ්‍යන්තරයේදී අනුමත කර ගැනීම ලෙහෙසි කාර්යයක් නොවේ. සජිත් සහ පිරිස කළ යුතුව තිබුණේ තම ව්‍යාපාරය එළියේ පවත්වාගෙන යන අතරේ පක්ෂයේ නිළ සංවිධාන ජාලය තුලද විධිමත්ව සහ සමගාමීව  කටයුතු කිරීමය.

සැඟවුණු අරමුණ ගෝඨාගේ නියත ජයග්‍රහණයද...?
ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් පදනමක සිට ජනවාරි විප්ලවයට දායක වූවන් ගේ සහාය ලබා ගැනීමට කටයුතු කිරීම ජයග්‍රහණය කිරීමට වෙනත් ලෙසකින් රාජපක්ෂ කඳවුර පරාජය කිරීමට අනිවාර්ය කොන්දේසියක්ව තිබිය දී සජිත් පිළ එය මඟහැර යෑම තේරුම්ගත නොහැකිය. සජිත්ව අපේක්ෂකයා කිරීම මගින් පොහොට්ටුවට ආකර්ෂණය වී ඇති චන්ද ලබා ගැනීමට හැකි වෙතැයි වැරදි ගණන් බැලීමට සජිත් පිළ නිරත වී සිටන බවත් එය යථාර්තවාදී නොවන බවත් කිය යුතුව ඇත. ඇල්පිටිය පොඩි චන්දයෙන් මේ ගැන තක්සේරුවකට පැමිණය හැකි වූවත් සජිත් එම අභියෝගයද බාර ගන්නේ නැත.

2015 දී ඉතා අවාසිදායක තත්වයක් මත පවා මහින්ද 48% කට වැඩි චන්ද ප්‍රතිශතයක් ලබාගත් බවත් එම ජනාධිපතිවරණයේදී ජවිපෙ තරඟ නොකළ බවත්  සාධාරණව සලකා බැලිය යුතුය. පක්ෂය දුර්වල කරගෙන සිවිල් සංවිධාන මඟහැර, ප්‍රතිපත්තිමය වශයෙන් ගොන්කතා කියමින්, දෙමළ සංධානය සමඟ ද හොඳ  සම්බන්ධතාවයකින් තොරව මේ යන්නේ නියත පරාජයකට නැතිනම් ගෝඨාගේ නියත ජයග්‍රහණයකට බව පැහැදිලිය. සජිත් පිලේ බොහෝ දෙනෙක්ගේ සැඟවුණු අරමුණද එය විය හැකිය.

හානිය සිදුකර අවසන්..
මේ අභ්‍යන්තර අරගලය දෙපාර්ශවයටම හානියක් නොවී නායකයින් දෙදෙනාගේම ගෞරවයට හානියක් නොවී විසඳාගැනීමට ඇති ඉඩකඩ දැන් සීමිත බව අපගේ අදහසයි. ඒ අනුව එක් කෙනෙක් යටපත් වී තව කෙනෙක් ඉදිරියට ඒම සිදුවිය හැකිය. ඒ රනිල් හෝ සජිත් විය හැකිය. තුන් වැන්නෙක් වීමටද ඇති ඉඩ බැහැර කළ නොහැකිය. එය නුදුරු කාලයේදී විස‌‌‌ඳෙනු ඇත. නමුත් ඒ වන විට ‌‌ගෝඨාභයගේ ජයග්‍රහණය සිදුව තිබුනහොත් කිසිදා පාරට බැස අරගලයක නියුතු ‌නොවූ සජිත්ට මිලිටරි පාලනයකට එරෙහිව ජනතාව ‌පෙළ ගැස්විය හැකි යැයි සිතිය ‌නොහැකිය. 

හානිය සිදුකර අවසන්..
මේ අභ්‍යන්තර අරගලය දෙපාර්ශවයටම හානියක් නොවී නායකයින් දෙදෙනාගේම ගෞරවයට හානියක් නොවී විසඳාගැනීමට ඇති ඉඩකඩ දැන් සීමිත බව අපගේ අදහසයි. ඒ අනුව එක් කෙනෙක් යටපත් වී තව කෙනෙක් ඉදිරියට ඒම සිදුවිය හැකිය. ඒ රනිල් හෝ සජිත් විය හැකිය. තුන් වැන්නෙක් වීමටද ඇති ඉඩ බැහැර කළ නොහැකිය. එය නුදුරු කාලයේදී විස‌‌‌ඳෙනු ඇත. නමුත් ඒ වන විට ‌‌ගෝඨාභයගේ ජයග්‍රහණය සිදුව තිබුනහොත් කිසිදා පාරට බැස අරගලයක නියුතු ‌නොවූ සජිත්ට මිලිටරි පාලනයකට එරෙහිව ජනතාව ‌පෙළ ගැස්විය හැකි යැයි සිතිය ‌නොහැකිය. 

අපගේ අපේක්ෂාව වන්නේ එජාපය දුර්වල නොවීම සහ පක්ෂ ඒකාග්‍රතාවය රැක ගැනීමයි. මක් නිසාද යත් වඩාත්ම ප්‍රජාත්නත්‍රවාදී විභවයක් සහිත පක්ෂය වන්නේත් මිලිටරි පාලනයක් වැලැක්වීමට වඩාත්ම හැකියාවක් ඇත්තේත් එජාපයට නිසා ය

විසල් කරුණාරත්න ගේ ලිපියකි
උපුටාගැනීම - lankaenews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ කැරැල්ල සහ අවසානය ‌කෙසේ විය හැකිද? සැඟවුණු අරමුණ ගෝඨාගේ නියත ජයග්‍රහණයද...? - විසල්ගේ විග්‍රහයක්
සජිත්ගේ කැරැල්ල සහ අවසානය ‌කෙසේ විය හැකිද? සැඟවුණු අරමුණ ගෝඨාගේ නියත ජයග්‍රහණයද...? - විසල්ගේ විග්‍රහයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhX7lwdlNmRdxLpMKoNzJY9gTK8K1xNVIlszXwhYBrlU-t3y9CNpTkqVh9zZEsPgseiiOCqh7ypnbZmXJ15fIhCaDn5ReejMQVHooBIuy_NGWCHf1HH7zQddBMf6bZNyfOgbPLMEeOO9qQY/s320/mangala-samaraweera-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhX7lwdlNmRdxLpMKoNzJY9gTK8K1xNVIlszXwhYBrlU-t3y9CNpTkqVh9zZEsPgseiiOCqh7ypnbZmXJ15fIhCaDn5ReejMQVHooBIuy_NGWCHf1HH7zQddBMf6bZNyfOgbPLMEeOO9qQY/s72-c/mangala-samaraweera-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_469.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_469.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy