දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිෂාඞ් බදියුදීන් වැනි වහාබ් අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දෙන දේශපාලනඥයන් නැති ආණ්ඩුවක් හදනවා - විමල්
Homeප්‍රවෘත්ති

රිෂාඞ් බදියුදීන් වැනි වහාබ් අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දෙන දේශපාලනඥයන් නැති ආණ්ඩුවක් හදනවා - විමල්

PropellerAds

ව හාබ් අන්තවාදය අතුගා දැමීමේ නූතන ජාතික සටනේ පළමු පියවර වන්නේ එම අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය හා රැකවරණය ලබා දෙන රිෂාඞ් බදියුදීන් වැනි දේශපාල...

පැණි කතා මගෙන් අහන්න එපා - එන්නත ගැන අහන්න : මම උත්තර දෙන්නම්
රවී අපිට කීයටවත් එපා - සමගි ජන බලවේගයෙන් තීන්දුවක් !
ඇමතිවරයෙක් නිල වාහන 06ක් පදී !
හාබ් අන්තවාදය අතුගා දැමීමේ නූතන ජාතික සටනේ පළමු පියවර වන්නේ එම අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය හා රැකවරණය ලබා දෙන රිෂාඞ් බදියුදීන් වැනි දේශපාලනඥයන්ගෙන් තොර ආණ්ඩුවක් හැදීම බවත් ඒ සඳහා එළඔන මහ මැතිවරණය යොදා ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ යන තේමාව යටතේ පැවැති ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’ විසින් සංවිධානය කළ මෙම ජනරැලිය අමතමින් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“වසර දහස් ගණනක් තිස්සේ ධර්මය රැකපු රට ඉදිරියේ තිබෙන අනතුර දැකලා එය ආවේගශිලීව නොවෙයි, සබුද්ධිකව පරාජයට පත් කරපල්ලා, කියන ආයාචනය අප ඉදිරිපිට තිබෙනවා. ‘ඒ ආයාචනය භාර ගන්න පිංවන්ත මිනිස්සු වෙයල්ලා’ යන්නයි අද මේ නුගේගොඩ ඓතිහාසික රැලිය අපට කියන්නේ.

‘අපි මුස්ලිම් ජනතාවට එරෙහි නැහැ’

අපි සාමාන්‍ය මුස්ලිම් ජනතාවට විරුද්ධව වෛරය වපුරන්නේ නැහැ. බලන්න මොහොමඞ් මුසම්මිල් සහෝදරයා ඉන්නවා මේ වේදිකාවේ. සහරාන්ලා මැවනැල්ලේ බුදු පිළිම කඩනකොට ඒ පිළිබඳව පොලීසියට ඔත්තුව දීලා වෙඩි කාපු, අදත් රෝගාතුරුව සිටින මුස්ලිම් සහෝදරයා ගැන ඔබ දන්නවා. එයා සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාගේත් වීරයෙක්. අපි ඉන්නේ ඒ තරුණයත් එක්ක. තමන් සිංහල තරුණයකු සමඟ විවාහ වූවාම ගල් ගහලා, පාරේ ඇදගෙන යන මෘග සංස්කෘතියට එරෙහිව නැගිටලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වපු මුස්ලිම් කාන්තාවත් සමඟයි අපි ඉන්නේ. ඇය අපේ සහෝදරියක්. ඇය ඉල්ලන්නේ, ‘එක සංස්කෘතියක් යටතේ, එක නීතියක් යටතේ ජීවත් වෙන්න ඉඩ දීපල්ලා’ කියන එකයි. අවුරුදු 12ක් වයසැති තම දියණිය බලහත්කාරයෙන් බන්දන්නට යන එකට විරුද්ධව උදය ගම්මන්පිල මන්ත්‍රීතුමාට දුරකථනයෙන් කෙටි පණිවිඩයක් එවපු, අරාබිකරයේ ඉඳගෙන ඒ ගැන දුක් වෙන ඒ මුස්ලිම් අම්මා එක්කයි අපි ඉන්නේ.

‘මොකක්ද මේ වහාබ් අන්තවාදය’

සමස්ත මුස්ලිම් ජන සමාජයම වහාබ් අන්තවාදය පිළිගන්නවා කියා හිතන්න එපා. ඊට එරෙහිව සටන් වදින්න ඔවුන්ට ශක්තිය නැහැ. අපි ඔවුන්ට ඒ ශක්තිය ලබා දෙන්න ඕනේ. මුස්ලිම් දේශපාලනඥයන් මේ වහාබ් අන්තවාදයට යට වෙලා ඉවරයි. අපි බලමු ‘වහාබ් අන්තවාදය කියන්නේ කුමක්ද?’ කියා. මධ්‍යම අරාබියේ 1703 දී උපත ලැබූ මුහම්මද් ඉබ්න් අබ්ඞ් අල් – වහාබ් නැමැති පුද්ගලයා තමයි ‘වහාබ් අන්තවාදය’ හඳුන්වා දුන්නේ. අරාබිවරුන්ගේ වන්දනාවට ලක් වූ නබිතුමාගේ සඟයකුගේ සොහොනක් විනාශ කරමින් වහාබ් හා ඔහුගේ අනුගාමිකයන් වැඩ ඇරඹුවා. එදා ‘සොහොන් වන්දනාව වැරදියි’ කියන මතය රැගෙන ආවා. ‘අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන්ට ගල් ගසා මැරිය යුතුයි’ කියන නීතිය ගෙන ආවා. ‘කාන්තාවන් මුළු සිරුරම වැසෙන අන්දමට ඇඳුම් ඇදිය යුතුයි’ කියන නීතිය පැනවූවා. සාන්තුවරයන්ට යාඥා කිරීම තහනම් කළා. සංගීතය හා නර්තනය තහනම් කළා. අපේ මැදගොඩ අභයතිස්ස හිමිපාණන් මීට ඉහතදී පැවසුවා, ‘නැගෙනහිර පළාතේ වහාබ් අන්තවාදීන් විසින් මුස්ලිම් පිරිසක් කාඞ් ක්‍රීඩා කළා කියලා ගල් ගසා මරණ දඩුවම් පනවා තිබෙනවා’ කියා. මිනිස් හෝ සත්ව රූප චිත්‍රයට නැඟීම ද වහාබ් විසින් තහනම් කර තිබෙනවා. නාට්‍ය රඟ දැක්වීම හෝ සාහිත්‍ය කෘති පළ කිරීම මේ අන්තවාදින් විසින් තහනම් කර තිබෙනවා. මළ සිරුරක් විච්ඡේදනය කිරීම තහනම් කළා. අපරාධ පරීක්‍ෂණකට හෝ වෛද්‍ය හේතු මත හෝ මළ සිරුරක් කපා බැලීම තහනම්. නබිතුමාගේ උපන්දිනය සැමරීම තහනම්, කාන්තාවන් රැකියා කිරීම, අධ්‍යාපනය ලැබීම තහනම් යන ඒවා ද මේ වහාබ් අන්තවාදීන්ගේ නීති අතර වෙනවා. කාන්තාවන් සහ පිරිමින් එකට එක්කාසු වීම ද වහාබ් අන්තවාදය විසින් තහනම් කළා.

‘සුපී මුස්ලිම්වරුනි, මේ නුඹලාගේ වේදිකාවයි’

මේ රටේ ඉන්න සුපී මුස්ලිම්වරුන් ද මේ වහාබ් අන්තවාදයට විරුද්ධයි. නැවතත් අප අවධාරණය කරනවා ‘අපි මේ විරෝධය ගොඩනගන්නේ මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාවට විරුද්ධව නොවෙයි’ කියා. අපි මේ සටන, අද නුගේගොඩින් ඇරඹුවේ ඉහත කී අඥාන, තකතීරු ඒ වහාබ් අන්තවාදයට විරුද්ධවයි. සුපී මුස්ලිම්වරුනි, මේ නුඹලාගේ වේදිකාවයි. නමුත් වහාබ් අන්තවාදී රිෂාඞ් බදියුදීන්, මේ නුඹට රැහැනිව ගොඩනැඟෙන වේදිකාවයි. තවත් ජිහාඞ් අන්තවාදය වැනි ඉස්ලාම් අන්තවාදයන් පැවතුණත් මේ රටේ බරපතළ ලෙස වැඩෙන්නේ වහාබ් අන්තවාදයයි. 2014 දී ‘මුස්ලිම් වියතුන්ගේ සංවිධානය’ හෙවත් ‘ජමියතුල් උලමා සංවිධානයේ’ සභාපති එම්. අයි. එම්. රිස්වි මැතිතුමා ඉංග්‍රීසි පුවත්පතකට කියනවා, ‘සුන්නි සහ වහාබ් අප අතර ඉන්නවා. ඒ ගැන කිසිදු බියක් ඇතිකර ගත යුතු නැහැ. ඔවුන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් කරන්නේ නැහැ’ කියා.

‘රාජ්‍ය අනුග්‍රහය සහිත ත්‍රස්තවාදයක්ෟ’

අපි අහනවා ජමියතුල් උලමා සංවිධානයෙන් ‘දැන් නීති විරෝධී ක්‍රියා සිදු වූයේ නැද්ද?’ කියා. 2017 දී කාත්තන්කුඩි, සයින්දමරුදුවලට බෝම්බ හදන්න පුපුරන ද්‍රව්‍ය ගොඩබෑවේ නැද්ද? නමුත් ඒ පිළිබඳ සුපී මුස්ලිම්වරු පොලීසියට දැනුම් දුන්නාම පොලිසීය නිහඬව සිටියේ ඇයි? ඒ නිසා අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය මේක රාජ්‍ය අනුග්‍රහය යටතේ ගොඩනැගෙන ත්‍රස්තවාදයක්. 2015 බල පෙරළියේදී සහරාන්ලා වැඩ කළේ හංසයාටයි. දැන් බලන්න, පාර්ලිමේන්තුවේ රඟදැක්වෙන තේරීම් කාරක සභා නාඩගමට ඇවිත් මුස්ලිම් ජාතිකයකු කියනවා ‘සහරාන් එක්සත් ජාතික පක්‍ෂය සමඟයි සම්බන්ධ’ කියා.

ඒ නිසයි 2015 සිට 2019 අප්‍රේල් 21 දක්වා සහරාන්ලාට එරෙහි පැමිණිලිවලට නීතිය ක්‍රියාත්මක නොවුණේ. ඔහුට විරුද්ධ පැමිණිලිවලට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ එක් පොලිස් ස්ථානාධිපතිවරයකු මේ ආණ්ඩුව විසින් මාරුකර තිබුණා. මේ ත්‍රස්තවාදයට වැඩෙන්න දුන්නා. නිදහස දුන්නා. ඒ නිසා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ගේ ජීවිතවලට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.

‘2015 බල පෙරළිය සමඟ…’

දැන් බලන්න, ෂැංග්‍රි – ලා හෝටලයේ මිනිස් බෝම්බ දෙකක් පිපුරුවා. නමුත් හිල්ටන් සහ තාජ් හෝටල්වල පිපුරුණේ නැහැ. ‘ෂැංග්‍රි – ලා හෝටලයට මිනිස් බෝම්බ 02ක් යන්නත් හිල්ටන් සහ තාජ් හෝටල්වල එහෙම මිනිස් බෝම්බ නොයන්නත් හේතුව කුමක්ද?’ කියා කල්පනා කළොත් අල්ලා ගන්න පුළුවන් මේ පිටුපස තිබෙන කතාව. ඒ නිසා ඉතා පැහැදිලියි මේක රාජ්‍ය අනුග්‍රහය යටතේ වැඩුණු, 2015 බල පෙරළියත් සමඟ ඇරඹුණු ත්‍රස්තවාදයක් බව. සහරාන්ලා 2010 දී වැඩ පටන්ගත්තාට ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ගෙනවිත් බෑවේ 2017 දීයි. එතැනදී තමයි අල්ලා ගැනීමට තිබුණේ. නමුත් එය සිදු කළේ නැහැ.

‘පළමු ප්‍රහාරය කිතුණුවන්ට එල්ල වුණේ ඇයි?’

දෙවන වටයේදී සහරාන්ලා සූදානම් වුණේ බෞද්ධ ජනතාවට ප්‍රහාර එල්ල කිරීමටයි. ඒකයි සහරාන්ගේ බිරිඳ සිංහල බෞද්ධ කාන්තාවන් අඳින ඇඳුම් අරගෙන තිබුණේ. සහරාන්ලාගේ ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ අපේ ආරක්‍ෂක හමුදාවන්ට පුළුවන් වුණා සයින්දමරුදුවලදී සහරාන්ගේ බිරිඳ ඇතුළු ඒ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පිරිස විනාශ කර දැමීමට. පළමු ප්‍රහාරය කිතුණුවන්ට එල්ල කළේ එහෙම කළාම ලෝකයම ඒ ගැන සංවේදී වන නිසයි. දළදා මාලිගාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන විට, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට සිංහල බෞද්ධයන් ඝාතනය කරන විට අයිපල් කුළුණේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වැටුණේ නැහැ. ඕස්ටේ්‍රලියාවේ ‘ඔපෙරා එක’ ලංකාවේ ජාතික කොඩිය බවට පත්වුණේ නැහැ. බ්‍රසීලයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ලංකාවේ ජාතික කොඩියෙන් හැඩ වූයේ නැහැ. ලතින් ඇමරිකානු ජනප්‍රිය ෆුට්බෝල් කණ්ඩායම් තමන්ගේ තරඟ පටන් ගැනීමට කලින් විනාඩියක් නිශ්ශබ්දව සිටියේ නැහැ. මේ සියල්ල වෙන්නේ ප්‍රහාරය කතෝලිකයාට එල්ල වුණාමයි.

‘හදිසි තත්වය හදන්න සහරාන්ලා ඕනේ’

මේ ‘චිත්‍රපටයේ පිටපත’ අනුව ඊළඟට සිංහල හා මුස්ලිම් ජන සමාජ මරාගන්නට ඕනේ. නමුත් ඒක සිදු වුණේ නැහැ. ‘මරාගැනිල්ල’ ඒ විදියට පෙන්නලා බටහිර සංවේදී කර ගන්න බැරි වුණා. ‘මරාගැනිල්ල’ සිදු වුණා නම් ඔන්න එනවා ‘හදිසි තත්වය’. ඊට කලින් පිටු 10කට තිබුණු ACSA ගිවිසුම පිටු 83කට විස්තීරණය කළේ ඒකටයි. ඒ අනුව ශ්‍රී ලංකා රජය ආරාධනා කළත් නැතත් ‘හදිසි තත්වයකදී’ ඇමෙරිකන් ආරක්‍ෂක හමුදාවන්ට දැන් ශ්‍රී ලංකාවට ගොඩබහින්න පුළුවන්. ‘මරාගැනිල්ල’ හෙවත් හදිසි තත්වය හදන්න සහරාන්ලා ඕනේ. සහරාන්ලා හදන්න වහාබ්වාදය ඕනේ. වහාබ්වාදය පතුරුවන්න මැද පෙරදිග සල්ලි ඕනේ. ඒ රටවල පූජකයන් පැමිණ මද්‍රසා පාසල්වල වහාබ් අන්තවාදය උගන්වන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පාසල්වල ඉස්ලාම් දහම උගන්වන පෙළ පොතට, අන්‍යාගමිකයන් මැරිය යුතු බව කියැවෙන දේවල් අන්තර්ගත කළ යුතුයි. වහාබ් අන්තවාදියාට වැඩෙන්න පුළුවන් විදියට ගර්භාෂය හදන්න ඕනේ.

‘රටක් – රාජ්‍යයක් තියෙන්නේ ඕනේ’

නමුත් මේ පරගැති ආණ්ඩුවට හා ඔවුන්ගේ හාම්පුතුන්ට උවමනා ආකාරයට මේ චිත්‍රපටයේ ජවනිකා ටික ගොඩනැඟුණේ නැහැ. නමුත් අවදානම අපේ මව් පොළොවෙන් තවමත් තුරන් වී නැහැ. SOFA ගිවිසුමත් කෙසේ හෝ අත්සන් කර ගන්න ඇමෙරිකා එක්සත් ජනපදය වලි කන්නේ තමන්ගේ අරමුණු මේ මාස කිහිපය තුළ කෙසේ හෝ ඉටු කරගන්න. අපේ අම්මා, තාත්තා දරුවකු ලැබුණාම කියනවා ‘රටක් – රාජ්‍යයක් ලැබුණා වගේ’ කියා. රටක් විතරක් ඔහේ තිබිලා වැඩක් නැහැ. රටත් එහි රටවැසියනුත් රකින්න රාජ්‍යයක් තිබිය යුතුයි. අද මේ ගහන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයටයි. සහරාන්ලා ගහන්නේ, SOFA – ACSA ගිවිසුම්ලින් ගහන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයටයි. ශ්‍රී ලංකා රාජ්‍යය අහිමි වුණාට පසු අපිට රටක් විතරක් තිබිලා වැඩක් නැහැ.

‘බුද්ධිමත් මුස්ලිම් ජනතාවනි…’

ඒ නිසා ‘ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරය, සහෝදරිය මේ වහාබ් අන්තවාදයත් සමග එන මේ ඇමෙරිකා එක්සත් ජනපද උපායමාර්ගික සැලැස්ම හරියට දකිමු?’ මුස්ලිම් ජනාතාවනි, වහාබ් අන්තවාදය පාවිච්චි කරලා ඒ පිටුපසින් එන ඇමෙරිකා හමුදා වැඩි වශයෙන් ගාල් වෙන්නේ උතුර සහ නැගෙනහිරයි. ත්‍රිකුණාමලයේ අක්කර 7000ක් තමයි ඔවුන්ගේ කඳවුරු බිම බවට පත් වෙන්නේ. මඩකලපුව තමයි ඔවුන්ගේ ඊළඟ ක්ෂේමභූමිය බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මේ රටේ බුද්ධිමත් මුස්ලිම් ජනතාවට කියනවා, ‘මේ අනතුර දකින්න. වහාබ් අන්තවාදය ඔබට ජයග්‍රහණ ගෙන දෙන්නක් නොවෙයි. එය ඇමෙරිකා එක්සත් ජනපදයටයි ජයග්‍රහණ ගෙන දෙන්නේ. ඒ නිසා මෙය අපේ සටනක් පමණක් නොවෙයි ඔබේත් සටන’ කියා.

‘රිෂාඞ්ලා නැති ආණ්ඩුවක්…’

ඒ විතරක් නොවෙයි මැද පෙරදිග සල්ලිවලට වහල් වෙලා මේ වහාබ් අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය හා රැකවරණය ලබා දෙන රිෂාඞ් බදියුදීන්ලා වගේ අන්තවාදීන්ගෙන් ආණ්ඩු හදන එක අපි නතර කළ යුතුයි. මේ අන්තවාදීන් ආණ්ඩුවක් තුළ ඉන්නා තෙක් වහාබ් අන්තවාදියාව ආරක්‍ෂා කරනවා. ඒ නිසා අපි රිෂාඞ් බදියුදීන්ලා නැති ආණ්ඩුවක් ඇති කළ යුතුයි. ඊළඟට එන ආණ්ඩුව සහරාන්ලා බිහි කරන ගර්භාෂය නැති කරන ආණ්ඩුවක් විය යුතුයි. ඒ නිසා අපි සහරාන්ලා රකින රිෂාඞ් බදියුදීන්ලා නැති ආණ්ඩුවක් හදන තැනට මේ රට රැගෙන යා යුතුයි. එය අප කවුරුත් එකතු වී කළ යුතු දෙයක්. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවනි, ඒ සඳහා අපි සූදානම් විය යුතුයි.

‘පළමු පියවර තැබුවා’

වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමන සටනේ පළමු පියවර තමයි ඊළඟ ආණ්ඩුව රිෂාඞ් බදියුදීන්ලා නැති ආණ්ඩුවක් බවට පත් කිරීම. ඒ සටන අපි අද මේ නුගේගොඩ වේදිකාවෙන් ආරම්භ කරනවා. ඊළඟ ආණ්ඩුව යටතේ අපි එක සාමාන්‍ය මුස්ලිම් මිනිසෙකුට කරදරයක් වීමට ඉඩ තියන්නේ නැහැ. අද මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට සිංහල මිනිසා යන්නේ නැහැ. ඔහු බයයි. ඒ බියත් නැති කරලා මුස්ලිම් ව්‍යාපාරිකයාගේ ආර්ථිකය වැටෙන එක නතර කරන්නත් අපට පුළුවන්. හැබැයි ඒ සඳහා මුස්ලිම් ජනතාව ඊළඟ ඡන්දයේදී, වහාබ් අන්තවාදය රැකලා තමන්ව මේ සමාජයෙන් කොන් කරන තත්වයට ඇද දමපු මේ ආණ්ඩුවට එරෙහිව සිටගත යුතුයි. එහෙම කළොත් ඒ මුස්ලිම් ජන සමාජයට විරුද්ධව එක ටොක්කක් අනින්න – එක ගලක් ගහන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. ඔබේ කඩ වර්ජනය කරන්න අපි ඉඩ තියන්නෙත් නැහැ.

‘නූතන ජාතික සටන ජය ගනිමු!’

මේ සටන, සාමයට ලැදි අපි කාගෙත් සටන, ඇමෙරිකානු ආක්‍රමණයට අත වනන බලවේගවලට විරුද්ධ සටන, අපේ රාජ්‍යය රැක ගැනීමේ සටන, නූතන ජාතික සටන ලෙස වටහා ගනිල්ලා. වරෙල්ලා මගේ අම්මේ, තාත්තේ, සහෝදරිය, සහෝදරය භේද අතහැරලා පක්‍ෂ, පාට කණ්ණාඩි පැත්තකට දමලා, නූතන ජාතික සටන ජය ගැනීමට.

අනුරුද්ද බණ්ඩාර රණවාරන
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිෂාඞ් බදියුදීන් වැනි වහාබ් අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දෙන දේශපාලනඥයන් නැති ආණ්ඩුවක් හදනවා - විමල්
රිෂාඞ් බදියුදීන් වැනි වහාබ් අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දෙන දේශපාලනඥයන් නැති ආණ්ඩුවක් හදනවා - විමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY622B_j4a0b3GISWVo3pmbPRB1B9I7EaBjw7d8wzcDhMfAo8SpG43K9OLKg2K57t5CVFi7grlECzFmPhUkiBBDcihAJX0E6K-cHX6cFo9vkqESVUART-vafbUexULMypEdmvvkser1C6v/s320/wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY622B_j4a0b3GISWVo3pmbPRB1B9I7EaBjw7d8wzcDhMfAo8SpG43K9OLKg2K57t5CVFi7grlECzFmPhUkiBBDcihAJX0E6K-cHX6cFo9vkqESVUART-vafbUexULMypEdmvvkser1C6v/s72-c/wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy