රා ජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ, අංක 288 දරන ඩී.පී.ජේ. ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බදු පදනම මත ලබාගැනීමේදී රජයට රුපියල් මිලියන ස...
රාජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ, අංක 288 දරන ඩී.පී.ජේ. ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බදු පදනම මත ලබාගැනීමේදී රජයට රුපියල් මිලියන සියයක අලාභයක් සිදුවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16දා) 2015 සිට 2018 දක්වා රජයේ දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජයසේන මෙනෙවිය විසින් අමාත්‍යාංශය විසින් භාවිත නොකරන වර්ග අඩි 10,300ක් සඳහා රුපියල් 60 බැගින් ගෙවීමෙන් මෙම අලාභය සිදුවූ බවට කරන ලද යෝජනාවට එකඟ වෙමින් අගමැතිවරයා මෙම බදු ගිවිසුම නිසා රජයට රුපියල් මිලියන සියයක අලාභයක් සිදුව ඇති බව පිළිගත්තේය. විශ්‍රාමලත් ශේර්ෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.පී. ධර්මරත්න, හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.කේ.කේ. කුමාරසිරි යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් ජනාධිපති කොමිසම ඊයේ පස්වරු 1.30ට දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කළේය. මෙම කොමිසමේ ලේකම් ලෙස පුෂ්පා වෙල්ලපුලි මහත්මිය කටයුතු කරයි.
උපතිස්ස පෙරේරා

COMMENTS