පා ස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශන කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශන කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ දින පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම මාධ්‍යයට ආවරණය කිරීමට ඉඩ ලැබුණේ නැත.
කොමිසමේ අවසන් සාක්ෂිකරු ලෙස ජනාධිපතිවරයාගෙන් සාක්ෂි කැඳවන අවස්ථාවේදී කමිටුවේ සියලූ සාමාජිකයෝ ඊට සහභාගී වී සිටියහ.
අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ හෝ වෙනත් කිසිවෙකු තමන් දැනුවත් කරමු නොතිබූ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර තමනට මේ ගැන දැනුම් නොදුන් බවත් ඔවුන් ක්‍රියාත්මක නොවීම නිසා සිද්ධියට වගකිවයුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද සදහන්ය.
පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි කර නොගත්තේ එය අනිවාර්යයෙන් නොවන බවට සඳහන් පෙර වාර්තාව පදනම් කරගෙන යැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර වාර්තා වන්නේ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ වාර්තාව ද ජනාධිපතිවරයා විසින් එම සභාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදී ඇති බවයි.

COMMENTS