හෙට දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය නැවැත්වීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජ...
හෙට දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය නැවැත්වීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පවසයි.
ඒ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන අධිකරණ කටයුතු වලට බාධාවක් විය හැකි බව පවසමින් මෙසේ විවාදය කල් දැමීමට ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බවද සභාපතිවරයා කිවේය.
කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුවේ විවාදය ගැනීමට නියමිත බැවින් මෙම තර්කයේ කිසි පදනමක් නැති බවත් කොමිෂන් සභා වාර්තා විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවට බලය තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS