70 වන නිදහස් සැමරුම් උළෙලක් අද යාපනය දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්...
70 වන නිදහස් සැමරුම් උළෙලක් අද යාපනය දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා පොලිසිය සහභාගිත්වයෙන් පැවැත්විණ.
ප්‍රදේශයේ පාසල් වල දරු දැරියන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් වූ 70 වෙනි නිදහස් දින උළෙල කාගේත් සිත් ඇදගන්නා සුළු විය.
එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ අදහස් දැක්විය.
“ශ්‍රී ලංකා ධරණිය තලයේ මුළු මහත් ඉතිහාසයම පත අට එකට සිඳගත් ආර්ථිකය වන්නේ නිදහස පිළිබඳ කරන ලද අරගලයි.2500 ක වසර කාලය තුලම වරින් වර චෝල, පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි විදේශිකයින්ගේ ආක්‍රමණයන්ට එරෙහිව මේ රටේ ගෙන ගිය සටන ඉතිහාසය වෙන අන් කවරක් වත් ඉතිහාසය යැයි සටන් කරන්න දෙයක් ඇත්තේ නැ. ඒ නිසා මේ නිදහස් දිනයේ ඒ නිදහස වෙනුවෙන් දිවි පිදු වීරයින්ව ගෞරවයෙන් සිහිපත් කරන අතරම ඔවුන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය වන්නේ නැවත වතාවක් මේ රට විදේශීය ආක්‍රමණයකට හෝ රට බෙදා වෙන් කිරීමට හෝ තිබෙන ඉඩකඩ සම්පුර්ණයෙන්ම අවහිර කර දමා එක්සත් ලංකාවක් ගොඩ නැගීමයි.”
“ජාති කුල මල භේදවලින් තොර එක මවකගේ දරු පිරිසක් ලෙස සියලු දෙනාම ඒකරාශී ව සිටීම තමයි ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග වලට කල හැකි ඉහලම කෘතවේදිත්වය හා ගෞරවය ලෙස මම සලකන්නේ. වර්තමාන රජය යටතේ යහපාලනයත් ඒ වගේම සංහිඳියාවත් දේශපාලන න්‍යාය පත්‍රයේ මුලිකත්වයට ගෙන තිබෙනවා. එයින් අදහස් කරන්නේ රටේ සමගිය සමාදානය සහජීවනය රජ කරවීමයි. මේ නිදහස් දිනයේ සහජීවනය වගේම රටේ සංවර්ධනයකුත් අපි ඉදිරි ගමනේදී බලාපොරොත්තු වෙනවා.ඒ සියලු දේවල් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායි ප්‍රර්ථනා කරනවා.” යැයිද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS